leader s

කාන්තාවන් පෞද්ගලික හෝ රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම තහනම් කරමින් තාලිබාන්වරුන් පැනවූ නියෝගයට එරෙහිව ඇෆ්ඝන් කාන්තාවෝ විරෝධය පළ කරති.

කාන්තාවන් රැසක් BBC සේවයට පැවසුවේ, තාලිබාන් නිලධාරිනියන් තමන්ට පහර දුන් අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගත් බවය.

තවත් බොහෝ දෙනෙක් තහනමට එරෙහිව සිය විරෝධය සහ කෝපය පළ කළහ.

"අපි විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූවා. එතන තාලිබාන් කාන්තාවන් බොහෝ දෙනෙක් හිටියා. ඔවුන් ගැහැනු ළමයින්ට පහර දුන්නා. කීප දෙනෙක් අරගෙන ගියා," විරෝධතාවයේ නිරත කාන්තාවක් බීබීසී මාධ්‍යවේදී ආලියා ෆර්සාන්ට පැවසුවාය.


(BBC සිංහල සේවය)

 


ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පන්ති වර්ජනයක


තලෙයිබාන් පාලනය කාන්තාවන්ට පනවා ඇති උසස් අධ්‍යාපන තහනමට විරෝධය පළකරමින් ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පන්ති වර්ජනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තහනම හෙළා දකිමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ කාන්තා පන්ති යළි ආරම්භ නොකරන්නේ නම් තමන් අඛණ්ඩව පන්ති වර්ජනයේ නිරත වන බවයි.

මේ අතර තලෙයිබාන් පාලනය විසින් ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීමට එරෙහිව පැනවූ තහනමෙන් පසු රාජ්‍ය නොවන සංවිධාන 05 ක් ඇෆ්ගනිස්ථානය තුළ සිය මෙහෙයුම් අත්හිටුවා තිබෙන බව වාර්තා වේ.

මෙලෙස මෙහෙයුම් අත්හිටවූ රාජ්‍ය නොවන සංවිධාන අතරට කුඩා ළමුන් වෙනුවෙන් ප්‍රමුඛ කාර්ය භාරයක් සිදුකරන සේව් ද චිල්ඩ්රන් ආයතනයද ඇතළත්.

රාජ්‍ය නොවන සංවිධානවල රැකියාව කරන ඇෆ්ගන් කාන්තාවන් හිජාබය නොපැළදීම නිසා තලෙයිබාන් පාලනය මෙම තහනම පනවනු ලැබීය.

Awf 2022.12.27 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්