leader s

පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනි දාට පෙර පවත්වන බව මැතිවරණ කොමිසම පවසයි.


එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ඒ සඳහා මූලික කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බවය.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන මස 5 වැනි දාට පෙර නිකුත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මැතිවරණයෙන් තේරීපත්වන සභිකයින්ගේ නම් මාර්තු 20 වැනි දාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.


විපක්ෂයේ පුළුල් සන්ධානයක් !


ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සඳහා බිහිකෙරෙන විපක්ෂයේ පුළුල් සන්ධානය පිළිබඳ සෙසු පක්ෂ සමග තවදුරටත් සාකච්ඡා කරන බව උත්තර ලංකා සභාගය පවසයි.

ඒ සඳහා පත් කළ කමිටුවෙන් ඊට අදාළ ප්‍රගතිය පිළිබඳ විමසීමක් කළ බව උත්තර ලංකා සභාගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසිය. එම සභාගයේ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මාධ්‍ය හමුවේ ඒ බව ප්‍රකාශ කළේය. 


ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ද එම මාධ්‍ය හමුවේ දී මෙසේ අදහස් පළ කළේය.

ඊට උත්තර ලංකා සභාගයේ සූදානම පිළිබඳව ද සාකච්ඡා කළ බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මෙහිදී පැවසුවේ ය.

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්