leader s

ලකුණු අතර සිටින දිනේෂ් චන්දිමාල් පන්දුවාර 20යි 20 ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයෙන් ඉවත් කර ලකුණු අතර නොසිටින භානුක රාජපක්ෂ සංචිතයට කැඳවූයේ මන්දැයි ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික්ඉන් ෆෝ

ප්‍රශ්න කරනවා.

ඒ, ඉන්දීය සංචාරයට නම් කළ ශ්‍රී ලංකා සංචිත සම්බන්ධයෙන් විශේෂාංග ලිපියක් පළ කරමින්.

එහි දැක්වෙන්නේ දිනේෂ් චන්දිමාල් ඉකුත් දා අවසන් වූ එල් පී එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ තුන්වන වැඩිම ලකුණු ලාභියා බවයි. ඔහුගේ සාමාන්‍ය 31යි දශම 8යි 8ක් බවද ප්‍රහාරාත්මක වේගය 126යි දශම 9යි 9ක් බවද 'කලම්බු ස්ටාර්ස්' කණ්ඩායම අවසන් තරඟයට ගෙන ඒමට ප්‍රධාන දායකත්වයක් දැක්වූ අයෙකු බවද එම වෙබ් අඩවියේ සඳහන්.

එහෙත් භානුක රාජපක්ෂගේ පසුගිය සමයේ පන්දුවාර 20යි 20 දක්ෂතා එතරම් යහපත් නොවන බවයි ක්‍රික්ඉන් ෆෝ වෙබ් අඩවිය පවසන්නේ. එල් පී එල් තරඟාවලියේදී භානුක රාජපක්ෂ ඉනිම 7කදී ලබා ගෙන ඇත්තේ ලකුණු 95ක් පමණක් බවද එහි සඳහන්.

ඔහුගේ සාමාන්‍ය 13යි දශම 5යි 7ක් බවද , ප්‍රහාරාත්මක වේගය 105යි දශම 5යි 5ක් බවද ක්‍රික්ඉන් ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.

කෙසේ වෙතත් ආන්දෝලනයක් ඇති කරමින් ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් ඉවත් කළ චාමික කරුණාරත්න ඉන්දීය තරඟාවලියට නම් කිරීම අගය කරමින්ද ක්‍රික්ඉන් ෆෝ, සිය විශේෂාංග ලිපියක් පල කර තිබෙනවා.    


 ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය හිමිව ඇති ක්‍රිකට් සංචිතය පහතින්.

lkcvade


විස්සයි විස්ස තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත ශ්‍රි ලංකාව සමඟ තරගාවලිය ලබන ජනවාරි මස 3 වනදා සිට 15 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය.


Time 2022.12.24
නිල තරග විකාශක SUPREME TV


මෙම Master Card කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරඟ විකාශන අයිතිය හිමිකර ගෙන ඇත්තේ, මෙරට සුප්‍රීම් TV නාලිකාවයි.

සුප්‍රීම් ටීවී UHF අංක 47 ( දීප ව්‍යාප්ත ආවරණය ), UHF අංක 49 ( බස්නාහිර ට), UHF අංක 28 (දකුණට ), UHF අංක 56 ( සබරගුමුවට ) හා ඩයලොග් ටීවි නාලිකා අංක 20 , පියෝ ටීවී නාලිකා අංක 140 හා Free Sat HD නාලිකා අංක 17 න් ඔබට මෙම ක්‍රිකට් තරග නැරඹීමට හැකියාව තිබේ.



(උපුටා ගැනීම් -nethnews.lk)


JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්