leader s

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් හීරාබෙන්, අද (30) අලුයම 3.30 ට අභාවප්‍රාප්ත වූ බව ඇය ප්‍රතිකාර ලබමින් සිටි අහ්මදබාද් රෝහල නිවේදනය කළේය.


නවදිල්ලියේ රාජකාරිවල නියැලෙමින් සිටි, අග්‍රාමාත්‍ය මෝදි කඩිනමින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහ්මදාබාද් බලා පිටත්ව ගිය බවත් රාජකාරි කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කරන බවත් පැවැසෙයි.

99 හැවිරිදි හීරාබෙන්, පසුගිය දා රෝහල්ගත කෙරුණේ වයසත් සමඟ ඇතිවුණු රෝගාබාධ හේතුවෙනි.

වෛද්‍යවරුන් එම අවස්ථාවේදී කියා සිටියේ ඇය වෙනුවෙන් කළ හැකි සියලු දේ සිදු කරන බවය.

මෑණියන්ගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මෝදි සිය ටිව්ටර් ගිණුම හරහා සොව පළ කර ඇත. මහිමාන්විත ශතකයක් දෙවියන්ගේ පාමුල රැදුණු බව සිය මවගේ අභාවය වෙනුවෙන් ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.


MN mother


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මවගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමෙන් පසු ලෝක නායකයින් රැසක් ඇයට සුවය පතා පණිවුඩ නිකුත් කර තිබුණි.


(එන්.ඩී.ටීවී.)

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්