leader s

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තීරණාත්මක තුන්වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟය අද (07) පැවැත්වේ.

රාත්‍රී තරඟයක් වන එය ඉන්දියාවේ රාජ්කොට්හිදී ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ටයි.

ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවාර 20 තරඟාවලියට තරඟ 3ක් ඇතුළත් වේ. එහි පළමු තරඟයෙන් ඉන්දියාව ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන 20යි 20 තරගයෙන් ලකුණු 16ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (05) සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ දී 20යි 20 තරගයක් ජයගත්තේ වසර 7කට පසුව වීම විශේෂත්වයකි.

තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියේදී කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන තිබේ. ඒ අනුව තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජයගත යුතුය.

අද තරඟයේදී කණ්ඩායම් දෙකේම යම් වෙනස්කම් සිදුවිය හැකි බවට ප්‍රකාශ වුවද ඒ පිළිබඳ මේ දක්වා නිළ වශයෙන් ප්‍රකාශයට පත් වී නොමැත.

මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරඟ 3ක්ද මෙම තරඟාවලිය යටතේ පැවැත්වේ.

පළමු තරඟය ලබන අඟහරුවාදා දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතය.


නිල තරග විකාශක SUPREME TV

Time 2022.12.24
මෙම Master Card කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරඟ විකාශන අයිතිය හිමිකර ගෙන ඇත්තේ, මෙරට සුප්‍රීම් TV නාලිකාවයි.


UHF අංක 47 ( දීප ව්‍යාප්ත ආවරණය ),
UHF අංක 49 ( බස්නාහිර ට),
UHF අංක 28 (දකුණට ),
UHF අංක 56 ( සබරගුමුවට ) හා
ඩයලොග් ටීවි නාලිකා අංක 20 ,
පියෝ ටීවී නාලිකා අංක 140 හා
Free Sat HD නාලිකා අංක 17 න් ඔබට මෙම ක්‍රිකට් තරග නැරඹීමට හැකියාව තිබේ.


සබැඳි පුවත් :


සමාජ මාධ්‍ය විරෝධය වැඩ කරයි : ඩයලොග් ඉන්දු - ශ්‍රී ලංකා තරගාවලිය ෆ්‍රී දෙයි ! - PEO TV තවමත් නිහඬයි

දසුන්ගේ නම වාර්තා පොත් අතරට - ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක්

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්