යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බව ජනාධිපති රනිල්
වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා එබව කියා සිටියේ, පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ය.

ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන වැඩපිළිවල පිළිබඳ මාධ්‍යවේදීන් එහිදී ජනාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය සඳහා ශ්‍රී ලංකාව තුළ නීති පැවතිය ද සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් මෙරට තුළ නොමැති බවයි.

ඒ හේතුවෙන් සිංගපූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනත තමන් ගෙන්වා ගත් බවත්, එය අධ්‍යනය කර ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයේ නීති රාමුවක් සකස් කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසිය.

ශිෂ්ඨසම්පන්න අනාගත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ ක්‍රියාදාමයේ දී සමාජ මාධ්‍ය වෙනුවෙන් ද නියාමන ක්‍රියාදාමයක් අවශ්‍ය බවට මේවනවිට සමාජ මතයක් ගොඩනැගෙමින් තිබේ. ජනප්‍රිය යු ටියුබ් ක්‍රියාකරුවකු වන සේපාල අමරසිංහ විසින් පසුගියදා දළදා වහන්සේට අපහාස වන ආකාරයෙන් සිදුකරනු බව කියන
ප්‍රකාශයත් සමග යූ ටියුබ් - ෆේස්බුක් නියාමනයක අවශ්‍යතාවය එසේ අවධාරණය වෙමින් තිබේ.



සබැඳි පුවත් :
සමාජ මාධ්‍යවලට නියාමන ක්‍රමවේදයක් අවශ්‍යයි - සරෝජ් පතිරණ

සේපාල් ද හයිජැකර්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
 
 
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්