The Leader News
BREAKING
Top Ad
පුවත්

යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගන්න අනුමැතිය

T

The Leader Desk

May 19, 2026 • 12:08 PM

 යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගන්න අනුමැතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යල කන්නයේදී කුඹුරු ඉඩම් හෙක්ටයාර 550,000ක් වගා කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණ ද, එම ප්‍රමාණය හෙක්ටයාර 450,000 - 500,000 ක් පමණ වනු ඇතැයි මේ වන විට ඇස්තමේන්තු කර ඇත.
  • ඒ සඳහා යූරියා පොහොර මෙට්‍රික්ටොන් 75,000ක් පමණ අවශ්‍ය වන බව ගණනය කරනු ලැබ තිබේ.
  • රටේ පැවති පොහොර සංචිත වලින් මේ වන විට මෙට්‍රික්ටොන් 48,297.87 ක් ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගෙන බෙදා හරිමින් පවතී.
  • යල කන්නය සඳහා ස්ථාවර මිලකට පොහොර සැපයීම තහවුරු කිරීම සඳහා කිලෝග්‍රෑම් 50 ක යූරියා පොහොර මිටියක් රුපියල් 10,200 ක මිලකට ගොවීන් වෙත ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් ලබා දීම සඳහා අප්‍රේල් 6 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

2026 යල කන්නයේදී කුඹුරු ඉඩම් හෙක්ටයාර 550,000ක් වගා කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණ ද, එම ප්‍රමාණය හෙක්ටයාර 450,000 - 500,000 ක් පමණ වනු ඇතැයි මේ වන විට ඇස්තමේන්තු කර ඇත.

ඒ සඳහා යූරියා පොහොර මෙට්‍රික්ටොන් 75,000ක් පමණ අවශ්‍ය වන බව ගණනය කරනු ලැබ තිබේ.

රටේ පැවති පොහොර සංචිත වලින් මේ වන විට මෙට්‍රික්ටොන් 48,297.87 ක් ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගෙන බෙදා හරිමින් පවතී.

 2026 යල කන්නය සඳහා ස්ථාවර මිලකට පොහොර සැපයීම තහවුරු කිරීම සඳහා කිලෝග්‍රෑම් 50 ක යූරියා පොහොර මිටියක් රුපියල් 10,200 ක මිලකට ගොවීන් වෙත ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් ලබා දීම සඳහා අප්‍රේල් 6 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

 
ඒ අනුව, 2026 යල කන්නය සඳහා තවදුරටත් අවශ්‍ය වන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගෙන ගොවීන් වෙත සැපයීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩර්ම සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙම පියවර හරහා හිඟයකින් තොරව සහ පාලන මිලකට ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීමට කටයුතු කිරීම තුළින් 2026 යල කන්නයේ වී නිෂ්පාදනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට රජය උත්සාහ කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගන්න අනුමැතිය | The Leader