ඔහු එබව කියා සිටියේ, 'ඇට මිදුලු බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකව සිදුකර සුවවූවන්ගේ එකමුතුව' විසින් තලවතුගොඩ පැවැත්වූ වැඩමුළුවකදීය.
රුධිරගත පිළිකා රෝගීන් සඳහා ඇට මිදුලු බද්ධ කිරීම් සාර්ථකව සිදුකළත් ඒ අය තවදුරටත් වෛද්‍ය උපදෙස් මත කටයුතු කළ යුතු බවද ඔහු එහිදී සඳහන් කළේය.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය
රුධිරගත පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවටම සිටින්නේ විශේෂඥ වෛද්‍යවරු සිව්දෙනෙක් පමණකැයි ද රට තුළ සිටි විශේෂඥ වෛද්‍යවරු හත් අට දෙනෙක්ම මේ වන විට විදේශගතව සිටින බවද ඔහු පැවසිය.
ඇට මිදුලු බද්ධ කිරීම (Bone Marrow Transplant) විශාල මුදලක් වැයවන අතර සෑම රෝගියකුටම සමාන ආකාරයට ප්‍රතිකාර ලබාදිය යුතු බවත් වෛද්‍යවරයා එහිදී සඳහන් කළේය.
රජය මගින් මේ ප්‍රතිකාර කටයුතු නොමිලේ සිදුකරන අතර ඇතැම් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාදීමට හා ඖෂධ වර්ග නොමැති බවද එහිදී අනාවරණය විය.
රජය නොමිලේ ප්‍රතිකාර සැපයීමට උත්සාහ කළද, ඇතැම් රෝගී තත්ත්වයන් සඳහා අවශ්‍ය විශේෂිත ඖෂධ වර්ග සහ ප්‍රතිකාර ක්‍රමවල හිඟයක් පවතී.
ලංකාවේ පිළිකා රෝගීන් වෙනුවෙන් (විශේෂයෙන්ම රුධිරගත පිළිකා) ඇට මිදුලු බද්ධ කිරීම වැනි ඉහළ තාක්ෂණික ප්‍රතිකාර නොමිලේ සහ සාර්ථකව සිදු කිරීමට සෞඛ්‍ය අංශවලට හැකියාව තිබුණද, විශේෂඥ වෛද්‍යවරුන් හිඟකම සහ ඖෂධ හිඟය හේතුවෙන් මුළු පද්ධතියම දැඩි අර්බුදයකට ලක්ව ඇත.
(මුලාශ්‍රය | aruna)




