ගෝඨාබය රාජපක්ෂ ජයගත්තේ මංගල සමරවීරගේ හා රන්ජන් රාමනායකගේ ප්‍රකාශ නිසා බවට ඇතැම් හිමිවරුන් හා එජාපයේ ඇතැමුන් කරන ප්‍රකාශ හරහා සිදුවන්නේ සිංහල බෞද්ධ ජනමතයක් ඇති කිරීමට ගත් උත්සාහය සුළු කොට තැකීමක් බව මහාචාර්ය නලින් ද සිල්වා පවසයි.

මහාචාර්ය නලින් ද සිල්වා එබව සඳහන් කර ඇත්තේ ජාතික චින්තන 'කාලය' (kalaya) FB පිටුවට ''නූතන බමුණන්ට විරුද්ධ අරගලය හා ගෝඨාභය'' යන ශීර්ෂයෙන් යුතුව විශේෂ ලිපියක් පළකරමිනි.

''ගෝඨාභය දිනුවෙ ජනතාව රන්ජන්ගෙ මංගලගෙ කියුම්වලට විරෝධය පළ කරල කියන එක සිංහල බෞද්ධ ජනමතයක් ඇති කරන්න දරපු උත්සාහය සුළු කොට තැකීමක්.'' බව මහාචාර්යවරයා එමගින් අවධාරණය කර තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

''මහා සංඝ රත්නය ප්‍රකාශ කරල තිබුණ එක්සත් ජාතික පෙරමුණ, නව ප්‍රජාතන්තයවාදී පෙරමුණ පරාජයට පත්වුණෙ රන්ජන් රාමනායක, මංගල සමරවීර වැන්නන් සංඝ රත්නයට හා බුදු සසුනට අපහාස කළ නිසා කියලා. ආශු මාරසිංහත් අකිල විරාජ් කාරියවසමුත් ඒවැනි ප්‍රකාශ නම් සඳහන් නොකර කර තිබුණා. පරාජය ඒ නිසා ම පමණක් සිදු වුනා නම් ඒක භයානයකයි.

ගෝඨාභය දිනුවෙ රන්ජන්ගෙ හරි මංගලගෙ හරි කියමන් නිසා කියල කීම ගෝඨාභයගේ ජයග්‍රහණය සැහැල්ලු කිරීමක්.

සිංහල බෞද්ධ ප්‍රබෝධයක් ඇති වීම සිංහල ජනතාවගේ ඡන්දවලින් පමණක් ගෝඨාභයට ජනාධිපතිවරණය ජය ගැනීමට හැකි වීම රන්ජන්ට හා මංගලට පැවරීම මගින් පැවසෙන්නේ සිංහලයාගේ දුර්වලකමක්. සිංහලයන්ට තවමත් හිතන්න බැහැ. මතවාද පිළිබඳ අවබෝධයක් නැහැ. මතවාද ගැටීම් ගැන සිතන්නෙ නැහැ වගේ හැඟීමක්...

 

''එජාපය උපන්ගෙයි සිංහල බෞද්ධ විරෝධියි''

Text 4 1දැන් එ ජා පක්‍ෂය සුදානම් වෙන්නෙ මංගලලාගෙ ප්‍රකාශ හරි ගස්සගෙන කරුණාරත්න ජයසූරිය හරි වෙනත් තරුණයකු (වසය පනස් දෙකට අඩු ද වැඩි ද) හරි නායකත්වයට පත් කරගෙන බෞද්ධ ඡන්ද හදා ගන්න ද? මොන නායකයා ආවත් එ ජා පක්‍ෂය සිංහල බෞද්ධ විරෝධියි. එහි ඇතැම් නායකයන් පාක්‍ෂිකයන් අනුගාමිකයන් සිංහල බෞද්ධයන් ද කියන ප්‍රශ්නය මෙහි දී වැදගත් වෙන්නෙ නැහැ. එ ජා පක්‍ෂය උපන්ගෙයි සිංහල බෞද්ධ විරෝධියි.

බණ්ඩාරනායක මහින්ද රාජපක්‍ෂ වගේ ම ජනතා හඬට කන්දුන් අයෙක්. බණ්ඩාරනායක මහජන හඬට කන්දීලා පක්‍ෂය ජාතිකත්වයෙ පක්‍ෂයක් කළා. ඒ සිද්ධ වුනෙ 1952 මින්නේරිය අතුරු මැතිවරණ කාලෙ දි. ශ්‍රී ල නි පක්‍ෂය තවමත් රටේ ජාතිකත්වයෙ ප්‍රධාන පක්‍ෂය. පොහොට්ටුවෙ නායකයන් ඒ බව දැන ගන්නව නම් හොඳයි.

ආශු මාරසිංහලට එ ජා පක්‍ෂය ජාතිකත්වයෙ පක්‍ෂයක් කරන්න බැහැ. ලිබරල් පක්‍ෂයක් ජාතිකත්ව පක්‍ෂයක් කරන්න පුළුවන් වුනාට කොන්සර්වෙටිව් පක්‍ෂයක් ආසියාවෙ ජාතිකත්ව පක්‍ෂයක් කරන්න බැහැ. මෙය ආකෘතිය පිළිබඳ ප්‍රශ්නයක් මිස පුද්ගලයන්ගෙ ප්‍රශ්නයක් නො වෙයි.''

(උපුටා ගැනීම අවසන්)

 

නලින් ද සිල්වාගේ අනාවැකිය : සිංහල බෞද්ධ රාජ්‍යයක්!

දෙමල හා මුස්ලිම්වරුන්ගේ සහයක් නොමැතිව සිංහල- බෞද්ධ ඡන්ද වලින් ගෝඨාභය ජනාධිපති කළ හැකිබව අවධාරණය කරමින් පසුගිය වසර කිහිපය පුරාම ඒ සඳහාවූ න්‍යයික මතවාදය ගොඩනැගුවේ නලින් ද සිල්වා ප්‍රමුඛ ජාතික චින්තන පර්ෂදයයි.

''අවශ්‍ය නම් එකදු මුවර් මුස්ලිම් ඡන්දයක් නැතිවත් ගෝඨාභයට දිනන්න පුළුවන්. මුස්ලිම් දේශපාලනඥයන් වෙන ම තරග කළත් නොකළත් එ ජා පක්‍ෂයට පක්‍ෂපාති වුණත් නැතත් ගෝඨාභයට දිනන්න පුළුවන්.'' යයි දිගින් දිගටම අවධාරණය කරමින් සිටි මහාචාර්ය නලිද සිල්වා පසුගිය අගෝස්තු මාසයේදී තවදුරටත් මෙසේ අනාවැකි පළකර තිබිණ.

''ගෝඨාභයගේ ජයග්‍රහණයකින් පසුව පෙබරවාරියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර පවත්වන මැතිවරණයකින් ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරට තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්න පුළුවන්.''

 

පොහොට්ටුවේ වගකීම ගැන කියපු කතාව :

cartoon nalin

ඒ අතර පසුගිය ජුනි මාසයේ පැවති ජාතික සමථා බලය රැස්වීමේ දී ද මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රකාශ කෙළේ මහා සංඝයා වහන්සේ හා ගිහි බහුතරයක් මේ වන විටත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස තෝරා ගෙන ඇති බවත්, පොහොට්ටුව හෝ ශ්‍රී ල නි පක්‍ෂය හෝ දැන් කළ යුත්තේ ඒ තෝරා ගැනීම අනුමත කිරීම පමණක් බවත්ය.

''ජනතාව තවදුරටත් අපේක්‍ෂකයන් තේරීම දේශපාලන පක්‍ෂවලට පවරා බලා සිටීමට සූදානම් නැත. ඡන්දදායකයා යනු දේශපාලන පක්‍ෂ විසින් නම් කෙරෙන පුද්ගලයකුට ඡන්දය දීමට බැඳී සිටින අයකු නොවේ. ඡන්දදායකයන්ට තම අපේක්‍ෂකයා තෝරා ගැනීමට ද හැකි විය යුතුයි. අපි ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට මෙරට සම්ප්‍රදාය මත පදනම් ව නව මානයක් එකතු කරමු. මෙරට රජුන් තෝරා ගැනීම භික්‍ෂූන් වහන්සේගේ කාර්යභාරයක් ..'' ඔහු එහිදී අවධාරණය කර තිබිණ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටුවේ නායකයින්ට බලපෑම් කිරිම සඳහා මහචාර්ය නලින් ද සිල්වා ඇතුළු ජාතික චින්තන ව්‍යාපාරය ගෙනගිය මතවාදීමය මෙහෙයුම ජාතික තලයට ගෙනයනු ලැබුවේ මහාචාර්යවරයාගේ 'ගෝලයකු' වන ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීරගේ මාධ්‍ය ජාලය  විසිනි.

මෙවර ජනාධිපතිවරණයේදී පොහොට්ටු - එජාප - ජවිපෙ පක්ෂ දේශපාලනයෙන් බැහැරව සිංහල-බෞද්ධ රාජ්‍යයක් ගොඩනැගීමේ මතවාදීමය මෙහෙයුමක් ක්‍රියාත්මක වනබව හැඟවෙන පුවත් හා විශේෂාංග වාර්තා ගණනාවක් theleader.lk විසින් පසුගිය මාස කිහිපය පුරා පලකරනු ලැබිය. පහත සබැඳි පුවත් පරික්ෂා කිරීමෙන් වුව ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගත හැකිය.

සබැඳි පුවත්:

සිංහල බෞද්ධ රාජ්‍යයක්! ගෝඨා දිනන්නේ මෙහෙමයි. -නලින් ද සිල්වාගේ විග්‍රහයක්

'බැසිල් නැතත් පෙහොට්ටුව නැතත් ගෝඨාට දිනන්න පුළුවන්' - නලින් ද සිල්වා

මහින්දට කනේ පාරක් : 'අපි ගෝඨාව තෝරලා ඉවරයි''- නලින් සිල්වා කියයි (වීඩියෝ)

'බැසිල් ගැනත් විශ්වාසයක් තියන්න බැහැ' - ආචාර්ය නලින් ද සිල්වා

නලින්ගේ ප්‍රකාශයෙන් බැසිල් තිගැස්සේ : ගෝඨාට සුවයපතා පුජාවක්!

''අපට අවශ්‍ය ගෝඨාබයගේ ආණ්ඩුවක්, මහින්දගේ ආණ්ඩුවක් එපා' -ජාතික හිමිකම් සංවිධානය  

මහින්ද 'සීරෝ' කර ගෝඨා 'හීරෝ' වේ !

'ගෝඨා අපේ, පොහොට්ටුවට අයිති නැහැ '- ජාතික චින්තනය කියයි

'ගෝඨා හැර වෙන රාජපක්ෂලා එපා' - මල්වතු අස්ගිරි නාහිමිවරු පවසති.

බැසිල්ට වංගු දමා දිලිත් ගහපු ස්මාර්ට් 'ගේමක්' !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්