leader s

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති බවත් ශ්‍රී

ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙක්ට ඩොලර් 10,000 ක පමණ මාසික වැටුපක් හිමිවුවද එහිදී ඩොලරයේ අගය රුපියල් 225 ක අඩු මට්ටමකට ගණන කරන බව කී එම නිලධාරියා වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගුවන් නියමුවෙක්ට රුපියල් 370 ට ගණනය කරන ඩොලර් 30,000 ත් 40,000 ත් අතර බදු නිදහස් වැටුපක් ලැබෙන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 240 ක් පමණ සේවය කරන බවත් ඉන් නියමුවන් 80 ක් පමණ ඉවත්වුවහොත් මෙම වසර මැද වන විට ගුවන් සමාගම දැඩි අර්බුදයකට පත්වන බව සඳහන් කළ එම නිලධාරියා පැවසුවේ පසුගිය දෙසැම්පබර් මස සිට ඩොලරය රුපියල් 295 කට ගණනය කිරීම ආරම්භ කළ බවත්ය.


(lankadeepa.lk)

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්