උතුරේ ආරක්ෂක අංශ මෙතෙක් පරිහරණය කළ දෙමළ ජනතාව සතු පෞද්ගලික ඉඩම් ලෙස හදුනාගත් අක්කර 100ක ඉඩම් ප්‍රමාණයක් එම ජනතාව වෙත පවරා දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජනපති

ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක  දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.

ආරක්ෂක අංශ පරිහරණය කරන ඔවුන්ගේ පෞද්ලික ඉඩම් යළි ඔවුන්ට පවරා දෙන ලෙසට උතුරේ දෙමළ ජනතාව පසුගිය කාලයේ දැඩි බලපෑමක් කළේය.

හදුනාගත් එම ඉඩම්වල පවත්වාගෙන ගිය කඳවුරු වෙනත් ස්ථානවල ස්ථාපිත කොට එම ඉඩම්වල පෙර හිමිකරුවන් වෙත ඒවා පැවරීමට සාගල රත්නායක උපදෙස් දී තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මෙම ඉඩම්වල අයිතිය එම ජනතාව වෙත පැවරීමට නියමිතය. පෙබරවාරි මස 11 දාට කලින් මෙම ඉඩම්  ජනතාව වෙත මුදා හරින ලෙස ද සාගල රත්නායක උපදෙස් දී ඇත.

මෙරට 75 වැනි නිදහසට සමගාමීව මෙම ඉඩම් මුදා හැරෙන අතර දෙමළ ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරීම වෙනුවෙන් තවදුරටත් ඔවුන් සතු ඉඩම් ඇතිනම් ඒවාද නීත්‍යානූකූල තත්ත්වය සොයා බලා පවරාදීමට කටයුතු කරන බව සාගල රත්නායක ප්‍රකාශ කළේය.


''ඉඩම් කොමිසම පත් කර ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි'' - සර්ව පාක්ෂික හමුව අමතමින් ජනපති කියයි

{gallery}All-party conference{/gallery}

ඉඩම් කොමිසම පත් කර ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා (26) පැවති සර්ව පාක්ෂික හමුව අමතමින් කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය.

''යුද්ධය අවසන් වන විට විශාල ඉඩම් ප්‍රමාණයක් රජය යටතේ තිබුණා. ඉන්පසු මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරු යටතේ ඉඩම්‍ නැවත ජනතාවට බාර දෙනු ලැබුවා. යාපනයේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් නැවත ජනතාව වෙත ලබා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමයේදීයි. ඒ අනුව මේ වන විට ඉතිරිව තිබෙන්නේ තවත් අක්කර 3000ක වගේ ප්‍රමාණයක් පමණයි.


ආරක්ෂක කටයුතුවලට බාධා නොවන ආකාරයට එම ඉඩම් ප්‍රමාණයත් නිදහස් කරන කටයුත්ත ආරක්ෂක අංශවලට භාර දිය යුතුයි. ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. අප ඉඩම් ලබාදීම සිදු කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් අනුවයි.


ඒ වගේම  ඉඩම් කොමිසම වහාම පත් කළ යුතුයි. ඊට අදාළ කෙටුම්පත් මාර්තු මාසය වන විට ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහා පළාත් 09න් සාමාජිකයන් නව දෙනෙකු  පත් කරන්න ව්‍යවස්ථාවේ ඇතුළත් කර තිබෙනවා.  12 දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කරනවා. ඉන්පසු ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් ගෙන ආ යුතුයි. එවිට ඉඩම් කොමිසමට ජාතික ඉඩම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා.

රටේ 30%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කැළෑවලට වෙන් වෙනවා. දැනට සිදුවී තිබෙන්නේ සැලැස්මක් නැතිව වනාන්තර සඳහා හදිසියේ ඉඩම් යට කිරීමයි. නමුත් උඩරට වගේම මහවැලි ගඟ, කැලණි ගඟ, කළු ගඟ  යන ගංගා සියල්ලම ආරම්භ වන ස්ථානවල අපි වනාන්තර නැති කරගෙන තිබෙනවා. කෙසේ හෝ වනාන්තර ප්‍රමාණය වැඩි කළ යුතුයි. වන ඝනත්වය 30%ක් දක්වා ඉහළ නැංවීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉඩම් පිළිබඳ තීරණය කිරීමට අප ඉඩම් කොමිසමට ඉඩ දිය යුතුයි. ඒ සඳහා මමත් උපරිමයෙන් කැප වී සිටිනවා. ''

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්