පළාත් පාලන මැතිවරණයට තරග කරන ස්වාධීන කණ්ඩායම් රැසක් සන්ධානගතව පොදු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි 'දේශය' පුවත්පත වාර්තා කරයි.

මෙවර ස්වාධීන කණ්ඩායම් ඉතා විශාල ගණනක් ඡන්ද සටනට ඉදිරිපත්ව ඇත. ඔවුන්ගෙන් බහුතරය මෙයට පෙර ප්‍රධාන දේශපාලන දහරාවේ පක්ෂවලට සම්බන්ධව සිටි අයයි.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති ස්වාධීන අපේක්ෂක කණ්ඩායම් නියෝජිතයන් කිහිප දෙනෙක් 'දේශය'ට ප්‍රකාශ කර ඇත්තේ, ස්වාධීන අපේක්ෂක කණ්ඩායම්වල සම්මේලනයක් කැඳවා තම තමන්ගේ ඉදිරි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගැන පොදු තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවයි.


JW

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්