පළාත් පාලන මැතිවරණයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අරඹන්නැයි මැතිවරණ කොමිෂන් සභාව කළ දැනුම්දීමට අනුව රජයේ මුද්‍රණාලය විසින් ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකාවල මූලික මුද්‍රණ කටයුතු මේ වනවිට අරඹා

ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය සෙසු ලියකියවිලි මුද්‍රණය දැනටමත් අරඹා ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ 'අරුණ' පුවත්පතට පවසා තිබේ.

පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා එක් කෝටියකට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිතය.

පසුගිය 2018 වර්ෂයේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැය වූ මුදල රුපියල් කෝටි 20කි. ආර්ථික තත්වය හේතුවෙන් කඩදාසි මිල සහ මුද්‍රණ වියදම ඉහළ යෑම නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මේ වර්ෂයේ දී ඊට වඩා වැඩි මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේවුවද මුද්‍රණාලාධිපතිනීය 'අරුණ'ට පවසා ඇත්තේ, මෙම මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් කෝටි 20 ක පමණ මුදලක් වැයවනු ඇති බවයි. මුද්‍රණ කටයුතුවලදී කඩදාසි, තීන්ත ආදියෙහි මිල ගණන් ඉහළ ගොස් ඇතැයිද ඇය පවසයි.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මූලික අත්තිකාරම් මුදලක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇතැයි ද රජයේ මුද්‍රණාලාධිපතිනිය පවසයි.

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image