පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පවත්වනවා ද, නැද්ද යන නිශ්චිත තීන්දුව ලබන 8 වන දා ප්‍රකාශයට පත්කිරීමට සූදානම් බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.


පොහොට්ටු කාර්යාලයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම් ඇතුළු පිරිසක් පසුගිය 01 වන දා හමුවූ මොහොතේ බැසිල් රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට දැඩිව අවධාරණය කර ඇත්තේ මැතිවරණය තියනවා ද නැද්ද යන ‘ආණ්ඩුවේ හරි මතය’ පවසන ලෙසයි.

ලබන 8 වන දින ආණ්ඩු පක්ෂය රැස්වන අතර එහිදී ආණ්ඩු පක්ෂයෙන් මේ පිළිබඳ නිශ්චිත මතය හරියාකාරව දැනගෙන ඒ බව දැනුම්දීමට සූදානම් බව අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේ දී බැසිල් රාජපක්ෂට පොරොන්දු වී ඇතැයි ද වාර්තා වේ.

මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීන්දුව දීමේ සම්පූර්ණ අයිතිය මැතිවරණ කොමිෂන් සභාවට හා අධිකරණයට භාර තීන්දුවක් වුවත් අග්‍රාමාත්‍යවරයා, පළාත් පාලන ඇමතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන කටයුතු කරන හෙයින් මේ පිළිබඳ ආණ්ඩුවේ මතය අවශ්‍ය බව බැසිල් රාජපක්ෂ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කර තිබේ.

විශේෂයෙන් ම බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගෙන් ඇතැම් දිස්ත්‍රික් සංවිධායකවරුන් පිරිසක් ඉල්ලා ඇත්තේ මෙම මැතිවරණය ටික කලකට කල් දැමීමට මැදිහත් වන ලෙස වුවත් බැසිල් රාජපක්ෂ ඒ පිළිබඳ මැදිහත් වීම තමාට කිසි ලෙසකින්වත් කළ නොහැකි දෙයක් බව පවසා ඇතයි එම ප්‍රකාශකයා පැවැසීය.

කෙසේ නමුත්, තමාට හතර වටින් එන පීඩනය නිසා ම දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාගෙන් ඡන්දය පවත්වන දිනය කවදා ද යන්න පිළිබඳව බැසිල් රාජපක්ෂ විසින් විමසා ඇති බව ද එම ආණ්ඩුවේ ප්‍රකාශකයා සඳහන් කළේ ය.

ඡන්ද විමසන දින හරිහැටි තීන්දු නොවුණත් බැසිල් රාජපක්ෂ කණ්ඩායම මැතිවරණයට සූදානම් වී ඇති අතර එහි ප්‍රචාරණ කටයුතු සතියක් ඇතුළත නිම කිරීමට සූදානම් බවත් පළමු වටය ගම්පහ සහ කුරුණෑගලින් අරඹන බව ත් වැඩිදුරට ත් වාර්තා වේ.

(ඉරිදා මව්බිම)

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්