leader s

කඩුවෙල මහ නගර සභාවට අයත් වැදගත් ලිපි ලේඛන රැසක් ගැමුණුපුර කොතලාවල ආදානාගරයේ දී ගිණි තබා විනාශ කොට ඇති බව වාර්තා වේ.


මෙම ලිපි ලේඛන තොගය අදාල ස්ථානය වෙත ගෙනැවිත් ගිනි තබා ඇත්තේ මීට දින කිහිපයකට පෙර බවත් එම ලිපි ලේඛණ රැගෙනවිත් ඇත්තේ කඩුවෙල මහ නගර සභාවට අයත් ලොරි රථ දෙකක් මගින් බවත් කඩුවෙල මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී මෙන්ම ජාතික ජන බලවේගයේ අපේක්ෂක කණ්ඩායමේ නායක අසිත නිරෝෂන් පවසයි.

දින කිහිපයක් තිස්සේ ගිණිගෙන දැවී ඇති මෙම ලිපි ලේඛන මේ ආකාරයෙන් විනාශ කිරීම සම්බන්ධයෙන් ඉකුත් පළමුවැනි දා පැවති මහා සභා රැස්වීමේ දී පවා දැනුම් නොදුන් බවද ඔහු පවසයි.

කෙසේ නමුත් සභා අනුමැතියකින් තොරව හා රාජ්‍ය ආයතනයක නියමිත කාර්යය පටිපාටියට පරිභාහිරව ආයතනික දේපල මෙලෙස විනාශ කර ඇත්තේ කුමන පදනමින්ද යන්න කඩුවෙල මහ නගරස භාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අසිත නිරෝෂන් ප්‍රශ්න කර සිටී.

 


(lankatruth.com)

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්