13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් දේශපාලන භුමියේ උණුසුම් කතාබහක් සිදුවෙමින් තිබිය දී 22 සංශෝධනයක් ගෙන එම සඳහා නාමල් රාජපක්ෂ මේ දිනවල අරඅදිමින් සිටින බව පොහොට්ටු

පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

නාමල් රාජපක්ෂ තම හිතවතුන් සමග පවසා ඇත්තේ, තමා ඒ සම්බන්ධයෙන් වූ යෝජනාවක් ප්‍රතිපත්ති කොමිසමකට ඉදිරිපත් කර ඇති බවයි.

නාමල් රාජපක්ෂ 22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා මේදිනවල ඒ පිලිබඳ විශේෂඥයින් සමග අදහස් හුවමාරු කරගමිනින් සිටින බවද පැවසේ.

13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා කළ ප්‍රකාශ පිළිබඳව නාමල් රාජපක්ෂ සිය පක්ෂයේ අභ්‍යන්තර සාකච්ජා වලදී දැඩි ලෙස විරෝධය පළකර ඇතැයි ද වාර්තාවේ.


චරිත හෙර්ත් රනිල් සමග පෑහේ !


මේ අතර ඩලස් අලහප්පෙරුමගේ 'නිදහස සන්ධානය' නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති 13 බලාත්මක කිරීමේ අදහසට එකඟව අදහස් පළකර තිබේ.

13 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තමන් පක්ෂ බව ඔහු පවසයි. විපක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම මීට වෙනස් මතයක් දැරුවද තම මතය එය බවද ඔහු අවධාරණය කරයි.

ඉන්දියාවේ ජාතීන් විශාල ප්‍රමාණයක් එකට තබාගෙන දියුණුවට යාමේ රහස ඉන්දියානු මොඩලය බලය බෙදාහැරීම බවද පවසන චරිත හේරත් මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකාවේ ද ඒ ආකාරයෙන් දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කර දෙමළ ජනතාව සමග එක්ව රට දියුණු කළ හැකි සංවාදයක් ආරම්භ කළ යුතු බව කියා සිටියි.

කෙසේ වෙතත් 'නිදහස සභාව' නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරුන් 13 සංශෝධනය බලාත්මක කිරීමට ක්‍රියාත්මක කිරීමට විරෝධය පල කර ඇති අතර ඔවුන් පවසන්නේ ඒ සඳහා ජනාධිපතිවරයාට ජන වරමක් නැති බවයි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්