දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් විය. ඒ, බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7කින්

පරාජය කරමිනි.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 126ක් රැස් කළේය.  

සෝභානා මොස්ටරී ලකුණු 29 කි.

පන්දු යැවීමේදී ඕෂදී රණසිංහ ලකුණු 23 කදී කඩුලු 3 ක් දවා ගත් අතර නායිකා චමරි අතපත්තු කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 19 කදී ය.

330467201 1342879773199157 7107675160756261079 n
පිළිතුරු ලෙස ලකුණු 127ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 25කදී බිඳ වැටිණ.

කෙසේ නමුත් ඉන් පසුව පිටියේ එක් වූ ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 104 ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69 ක් රැස් කළේ හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ය.

නිලක්ෂි ද සිල්වා පන්දු 38 කදී නොදැවී ලකුණු 41 ක් රැස් කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 18 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී සිටියදී ය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ දෙවැනි තරගය මෙයයි.

මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟයේදී සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලකුණු 3ක ජයක් වාර්තා කළේය.

ඒ අනුව, 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ A කාණ්ඩයෙන් තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් මේවනවිට එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි. 

 

 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්