leader s

යුද්ධයේ සත්‍යය අනාවරණය කිරීම සදහා යුද බිමේ සිට වාර්තාකරණයේ යෙදී සිටියදී බර අවි ප්‍රහාරයෙන් මියගිය දෙමළ මාධ්‍යවේදියකුගේ 14 වැනි ගුණ සමරුව වන්නියේ දී පවත්වා තිබේ.


මුලතිව් මාධ්‍ය සමාජය විසින් පෙබරවාරි 12 වැනි ඉරිදා සමරන ලද්දේ ආණ්ඩුව විසින් නම් කෙරුණු යුද මුක්ත කලාපයක පිහිටි මුලතිව්හි තෙවිපුරම් ගම්මානයට රජයේ හමුදා ගැසූ කාලතුවක්කු ප්‍රහාරයට 2009 පෙබරවාරි 11 වැනිදා ගොදුරුවී ප්‍රතිකාර ලබාගැනීමට නැතිකමින් පසුදා මියගිය පුණ්‍යමුර්ති සත්‍යමුර්තිය.

“ෂෙල් ප්‍රහාරයෙන් ලද තුවාලවලට නිසි ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ නොමැතිකම නිසා අධික ලෙස සිදු වූ රුධිරය වහනය නවතාලීමට මඟක් නොමැති වීමෙන්, විසි හතර පැයක් දුක් විඳි තිස්හත් හැවිරිදි සත්‍යමුර්ති පෙබරවාරි 12 වැනිදා සදහටම දෑස් පියා ගත්තේය,” යි JDS වෙබ් අඩවියේ සටහන් කෙරුණි.

ඒ දිනයේ දේවිපුරම් හා වල්ලිපුනම් ගම් වල‍ට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ගසන ලද ෂෙල් ප්‍රහාර වලින් මියගිය බවට වාර්තාවන ගැහැනුන්, මිනිසුන් හා ළමයින් ගණන 138 කි. තුන්සිය පනහකට අධික පිරිසක් තුවාල ලදහ.

ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයේ මාවිල්ආරුවෙන් 2006 දී යුද්ධය ආරම්භ කළ අවස්ථාවේ සිටම සත්‍යය හෙළි කිරීමට කටයුතු කළ මාධ්‍යවේදීන් අතර කැපී පෙනුණු අයකු ලෙස සත්‍යමුර්ති ගෞරවාදරයට පත් ව සිටී.

ඔහුගේ ඝාතනය යුද අපරාධයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන විසින් හෙලා දකින ලදී.

“ ‘එකදු සිවිල් වැසියෙක් හෝ ඝාතනය නොවන’ ලෙස රාජ්‍ය ආරක්‍ෂක හමුදා විසින් දියත් කළ අවසන් මෙහෙයුම් විසින් පස් මාසයක් තිස්සේ කණින ලද වන්නියේ සමූහ මිනී වළෙහි වැළැළුණු දස දහස් සංඛ්‍යාත ජනයා අතර පුනියමූර්ති සත්‍යමූර්ති තවත් එක් අයකු පමණක් බව ඇත්තකි. නමුත් ඒ මිනිස් සංහාරය පිළිබඳ ඉතිහාස කතාව දැනගනු රිසි අතළොස්සක් හෝ සිංහලයන් විසින් නිසැකයෙන්ම දත යුතු අපමණ ජීවනාදර්ශයන් අතරට සත්‍යමූර්තිගේ ජීවිතය ද නිසැකවම ඇතුළත් වේ,” යි පුණ්‍යමුර්ති සත්‍යමුර්තිගේ අටවැනි සංවත්සරය නිමිත්තෙන් මාධ්‍යවේදී අතුල විතානගේ සටහන් කර තිබුණි.

 

.

sathya jds 1sathya jds 2


සම්පූර්ණ ලිපිය:
මරණය සැරිසැරූ 'යුද මුක්ත කලාපයක' සත්‍යමූර්ති ද මිය ගියේය


 

JW

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්