leader s

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු පිරිසක් ඊයේ (14) රාත්‍රී 07.00 ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්

තොටුපළ වෙත පැමිණ ඇත.

දිවයිනට පැමිණි එම පිරිස කටුනායක ගුවන් තොටුපළේ සිට පොලිස් පෙර ගමන් රථ දෙකක් ඇතුළු වාහන 12 කින් ඊයේ රාත්‍රියේ කොළඹ බලා රැගෙන ගොස් ඇත. එම කාලසීමාව තුළ වෙනත් කිසිදු වාහනයකට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට ඇතුලුවීමට අවස්ථාව නොදුන් බව 'නෙත් නිවුස්' වාර්තා කරයි.

මෙම පැමිණීම වෙනුවෙන් දින 03 ක පමණ කාළයක සිට කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශය තුළ ආරක්ෂාව තර කර තිබූ අතර ඊයේ (14) දින පස්වරුවේ සිට මෙම ආරක්ෂාව දැඩි කර තිබුණි .

මෙම රාජතාන්ත්‍රිකයන් රැගත් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C - 17 A Globemaster - ¡¡¡ වර්ගයේ ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත්තේ ග්‍රීසියේ සිටයි. 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්