පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා අද හෝ හෙට දිනය තුළ ලැබුණහොත් දැනට සැලසුම් කර ඇති පරිදි මෙම මස 22, 23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්විය හැකි

බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

යම් හෙයකින් මෙම දින දෙක ඇතුළත ඡන්ද පත්‍රිකා නොලැබුනහොත් තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් එළඹෙන සඳුදා දිනයේදී තීරණයක් ගන්නා බවද ඔවුන් සඳහන් කළේය.


මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා 'නෙත් නිවුස්' වෙත අද උදැසන පැවසුවේ රජයේ මුද්‍රණාලාධිපතිනිය, මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක් මත කටයුතු කිරීම හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වී ඇති බවයි. එහෙත් මැතිවරණය පැවැත්වීමට එම චක්‍රලේඛය අදාළ නොවන බවද ඔහු කියා සිටියේය.



අදාළ පාර්ශව ගෙන්වා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළද මුදල් අමාත්‍යංශයෙන් අදාළ මුදල ලබා දීමට හෝ රජයේ මුද්‍රණාලයෙන් තැපැල් ඡන්ද පත්‍රිකා ලබා දීමට මෙතෙක් කටයුතු කර නොමැති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.

මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර සාකච්ඡා වටයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර මැතිවරණය කල් දැමීමට පවතින උත්සහය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පක්ෂය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලයට ලිපියක්ද ලබාදී තිබේ.


පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු අවසන්


පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බව මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ පවසයි.

'අද දෙරණ 'කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ අද දිනයේ සිට ඡන්ද පෝළිම් දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවය.

කෙසේවෙතත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් එම කටයුතු අකර්මණ්‍ය වී ඇති බව  මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් පවසයි.

දිවා කාලයේදී පොලිස් නිළධාරීන් 35 දෙනෙකු සහ රාත්‍රී කාලයේ පොලිස් නිළධාරීන් 25 දෙනෙකු බැගින් පොලිස් නිළධාරීන් 60 දෙනෙකු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන අවස්ථාවේදී ආරක්ෂක කටයුතු සඳහා යොමුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබේ.

කෙසේවෙතත් ආරක්ෂක කටයුතු සදහා මේ වනවිට යොදවා ඇත්තේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු පමණක් බව මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේය.

ඇය පැවසුවේ ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමේ කටයුතු සිදුකළ නොහැකි බවය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්