leader s

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවය අතරතුර ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.



බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළට ඊයේ  (23) පස්වරුවේ බලහත්කාරයෙන් ඇතුළුවීමත් සමග එහි උණුසුම්කාරී තත්ත්වයත් ඇතිවිය.

විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ විරෝධය පළ කරමින් සිටින අතරතුර පොලීසිය එහි පැමිණ විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

මේ අතර අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් මිරිහාන පොලීසියට රැගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට පත් ගුරුවරුන් දෙදෙනා ඇතුළු සෙසු පිරිස මේ වනවිට තලංගම පොලීසිය භාරයේ පසුවෙයි.

ශ්‍රී ලංකා රජයේ ගුරු සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දෙදෙනකු වන සමිත් හර්ෂනාත් සහ නාලක ද සිල්වා ද අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති ස්ථාන මාරු මණ්ඩල රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී  පොලිසිය විසින් නිර්දය ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඇති බව JDS වාර්තා කරයි.

TA 1


තලංගම පොලිස් ස්ථානයේ රඳවා සිටින වෘත්තීය සමිති ක්‍රියාධරයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ, අමාත්‍යාංශය අසළ විරෝධතාවක නිරත වූ සරසවි සිසුන්ට කැරලි මර්දන පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දෙන අයුරු ජංගම දුරකථනයෙන් රූගත කළ බවට චෝදනා කරමින් බව JDS සංවිධානය ඊයේ සවස ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් පවසා තිබේ.

jasjjds

ඔවුන් බැලීම සඳහා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් ඊයේ පස්වරුවේ තලංගම පොලීසියට ගොස් තිබුණි.

"තවමත් අපිට බලන්න දුන්නේ නැහැ. මොකක්ද මේ නීතිය. අපි කියන්නේ වහාම මේ අයව නිදහස් කරන්න. එහෙම නොවුණොත් අපිට වෙනවා..අධ්‍යාපන පද්ධතියත් එක්කම කතා කරලා යම් තීරණයකට එන්න." ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් එහිදී මාධ්‍යවේදීන් හමුවේ පැවසිය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කීප දෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ නුවන් බෝපගේ මෙසේ පැවසිය.

"පොලීසි ගණනාවක මේ පිරිස රඳවා තබාගෙන ඉන්නවා. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බස් රථයක තබාගෙන දරුණු ලෙස පහර දුන්නා කියලා වාර්තා වෙනවා. වසන්ත මුදලිගේ ගේ ජීවිතය අවදානම්. මේ සියලු දෙනාවම එක තැනක රඳවා තබාගැනීමේ හැකියාව තියෙද්දි කණ්ඩායම් කණ්ඩායම් තැන් තැන්වල රඳවාගෙන තිබෙනවා. එක බරපතළ සැකයක් මතු කරන කරුණක්."

 

JW


 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්