leader s

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි 'නෙත්' ගුවන් විදුලි වෙබ් අඩවිය (nethnews.lk)

වාර්තාකර ඇත.


මෙරට දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් විදෙස් රටකදී මීට දින කිහිපයකට පෙර එම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවට බුද්ධි අංශ වෙතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී ඇතැයි ද 'නෙත් නිව්ස්' පවසයි.

සති දෙකක් ඇතුළත ජනාධිපතිවරයා ඝාතනය කිරීමට එම පිරිස කුමන්ත්‍රණය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුරටත් තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ අනුව, මෙම සිද්ධියට සම්බන්ධ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් 'නෙත් නිව්ස්' වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එවැනි විමර්ශනයක් ආරම්භකර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් අද දිනයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් කරුණු පැහැදිලි කිරීමට නියමිතව ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය. 

 
JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්