leader s

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම ඇතුළු මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මැතිවරණ කොමිසම හෙට (03) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.



මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැනනැගි ඇති ගැටලු පිළිබඳව සාකච්ජා කිරීමට සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ කොමිසම අතර විශේෂ සාකච්ජාවක් පසුගිය අඟහරුවාදා පැවැත් වූ බවයි.

සූම් තාක්ෂණය ඔස්සේ පැවැති එම සාකච්ජාවේදී නිසි පරිදි මුදල් නොලැබීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධා පිළිබඳව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් කොමිසම දැනුවත් කර ඇත.

පළාත් පාලන ඡන්ද විමසීමේ ක්‍රියාවලිය කල් යාම නිසා ගැටලු රැසක් උද්ගතව ඇති බව තේරීම් භාර නිලධාරීන් මෙහිදී කොමිසමේ අවධානයට යොමු කර තිබේ.

පළාත් පාලන මැතිවරණයට ලබන මැයි මාසයේ දිනයක් ප්‍රකාශයට පත්කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 


JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්