පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමට එරෙහිව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළ පෙත්සම අද සලකා බැලීමට නියමිතය.


මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුලින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පසුගිය 27වනදා පෙත්සම සලකා බැලූ අවස්ථාවේ එම පෙත්සම අද කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.


ඡන්දය තියයිද ? නැද්ද ? මැතිවරණ කොමිසම අද කියයි

 

මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

 මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා 'නෙත් නිවුස්' වෙත පැවසුවේ මැතිවරණය පැවැත්විය හැකි දිනය හෝ මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් හෝ අද දිනයේ ප්‍රකාශයට පත්කරන බවයි.

පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්විය හැකි දිනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා සිය කොමිසමේ එකඟතාව අද ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා කියා සිටියේය.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් ලබාදෙන දිනය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට සිය කොමිසමේ සාමාජිකයන් අද රැස්වන බවද ඔහු පැවසිය.

'නෙත් නිවුස්' රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඉකුත්දා පැවසුවේ අවම වශයෙන් රුපියල් බිලියන 4 යි දශම 5 ක් හෝ ලබාදෙන්නේ නම් මැතිවරණය පැවැත්වීමට හැකි බවයි.


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත යටතේ පළාත් පාලන ආයතනවලට අදාළව නව ඡන්ද විමසීම් දිනයක් සටහන් නොකළ ඡන්ද නිවේදනයක් දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරුන් මගින් තමන් වෙත යොමු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් සියළුම නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරු වෙත දැනුම් දී ඇත.

අදාළ දැනුම්දීම මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් පෙරේද (මාර්තු 01) දින සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත යොමු කර තිබේ.



සබැඳි පුවත් :
මැතිවරණ කොමිසම දින නැති ලේඛනයක් ඉල්ලයි!

අලුත් මැතිවරණ දිනය හෙට ප්‍රකාශයට !

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්