පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන නව දිනය මේ මස 9 වැනිදාට පෙර ප්‍රකාශ කරන බව

මැතිවරණ කොමිසම සඳහන් කරයි.


මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා රැස්වී තීන්දුවක් ගෙන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟද සාකච්ඡා කර නව ඡන්ද දිනය ප්‍රකාශයට පත්කරන බවද කොමිසම කියයි

මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය අද ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළ ද තීන්දුවක් ගෙන නැතැයි වාර්තා වේ.

මැතිවණ කොමිසමේ සාමාජිකයන් අද පෙරවරුවේ සිට දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ.

එහිදී තීරණය වී ඇත්තේ ලබන අඟහරුවාදා කොමිසමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටයි.



ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යවරයා ඇතුළු එහි ලේකම්වරයාට නිකුත් කළ නියෝගයක් හේතුවෙන් මෙලෙස දිනයක් තීරණය කිරීම කල්දමා තිබේ.  මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, මුද්‍රණාලයාධිපතිනිය ඇතුළු ඡන්දයක් පැවැත්වීමට අදාළ වන පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවය.



ඒ අනුව ලබන සතියේ මුල් දින කිහිපය තුළ මෙම සාකච්ඡා පැවැත්වෙන බවත් ඉන් අනතුරුව පළාත් පාලන ඡන්දය විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවත් නිමල් ජී. පුංචිහේවා වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යවරයා ඇතුළු එහි ලේකම්වරයා වෙත අද (03) තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබුණි.

එම කරුණ පදනම් කරගනිමින් මැතිවරණ කොමිසම මෙම තීරණය ගෙන තිබේ.

 


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්