leader s

පනාගොඩ ගිනි අවිය පැහැර ගැනිමට සැකපිට මාලඹේ සීලරතන හිමි අත්අඩංගුවට

පනාගොඩ යුද හමුදා කදවුරට යාබද මුරපලකින් ටී 56 ගිනි අවිය සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට මාලඹේ සීලරතන හිමි ඇතුළු තවත් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ.

උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ගොඩගම ප්‍රදේශයේ විහාරස්ථානයක සිටියදීය.

පනාගොඩ යුද හමුදා කදවුරට යාබදව පිහිටි යුදහමුදා නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට යොදවා හිටි සෙබළුකු රවටා ඔහු සන්තකයේ තිබූ ටී 56 ගිනි අවියක්, මැගසින් 4, එහි බහා තිබූ උන්ඩ එකසිය විස්සක් සහ ආරක්ෂිත බෑගයක් ඉකුත් 3 දා රාත්‍රී  සොරාගෙන ගොස් තිබුණි.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් අවට සෝදිසි කිරීමේ දී සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 100 පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක බෝක්කුවක් යට තිබී සොරාගත් උණ්ඩ 30 බහා තිබූ මැගසීනයක් පොලිසිය සොයා ගෙන තිබුණි.

එම අවස්ථාවේදී යාබද වෙළඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හඳුනාගෙන ඉදිරි විමර්ශන සදහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබිණ.

අත්අඩංගුවට ගත් මාලඹේ සීලරතන හිමි ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේවනවිට ප්‍රකාශයක් ලබාගනිමින් සිටින අතර අනතුරුව අද දහවල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්