leader s

සිය දරුවාගේ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික ලෙස සටහන් කිරීම ප්‍රතික්ෂේප කළ රෙජිස්ට්‍රා ජනරාල්වරයාට එරෙහිව නීතිඥ නුවන් බෝපගේ විසින් ගොනුකළ නඩුවක් ඊයේ (10) අභියාචනාධිකරණයේ දී

කැඳවු අවස්ථාවේ  අදාළ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික යනුවෙන් ඇතුළත් කිරීමට රෙජිස්ට්‍රා ජෙනාරාල්වරයා පොරොන්දු විය.

නීතිඥ නුවන් බෝපගේ මේ සිද්ධිය පිළිබඳව ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහීර් හමුවේ කැඳවූ අවස්ථාවේ දී අදාල පොරොන්දුව   රෙජිස්ට්‍රා ජනරාල්වරයා විසින් ලබා දීම මත පෙත්සම්කාර නිතිඥ නුවන් බෝපගේ අයිතිවාසිකම් තබාගෙන පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කළේය.

තම පුතා ගේ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික යනුවෙන් ඇතුළත් කිරීම රෙජිස්ට්‍රා ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කරන නීතිඥවරයා, රෙජිස්ට්‍රා ජනරාල් කාර්යාලයෙන් ගත් එම තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ද තම පුතාගේ උප්පැන්න සතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික යනුවෙන් ඇතුළත් කිරීමට නියම කරන්නැයි ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම පෙත්සම කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර නීතිඥවරයාගේ දරුවාගේ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික යනුවෙන් ඇතුළත් කිරීමට රෙජිස්ට්‍රා ජනරාල්වරයා පොරොන්දු විය.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.


(lankasara.com)

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්