leader s

මැතිවරණ කොමිසමේ අතිකාල දීමනා වෙනුවෙන් මේ වසරේ පසුගිය කාලයට පමණක් රුපියල් කෝටි හයකට අධික මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතැයි 'මව්බිම' පුවත්පත වාර්තා කරයි.

මුදල් අමාත්‍යංශයෙන් අනුමැතිය සඳහා යොමු කළ ලේඛනයකින් මේ බව තහවුරු වන බවද එම පුවතේ සඳහන් වේ.

අනියම් දීමනා, සේවකයන් සඳහා කැඳවා ඇති විශ්‍රාමිකයන්ගේ ගෙවීම්, නිවාඩු දින දීමනා සහ ජල විදුලි බිල්පත් ඇතුළුව මෙම කාලයේ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් කෝටි නවයකට අධික මුදලක් මෙමගින් ඉල්ලා ඇත.

2023 අයවැය මගින් වෙන්කර ඇති මුදල්වලින් මෙම අයැදුම කර ඇති නමුත් පවතින මූල්‍ය හිඟය සහ මුදල් වෙන්කිරීමේ ප්‍රමුඛතා සැලකිල්ලට ගැනීමට සිදුවන බැවින් ඒ අයුරෙන් ම මුදල් නිදහස් කිරීම දුෂ්කර කාර්යක් වී ඇතැයි මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් 'මව්බිම'ට පවසා තිබේ.

රජයේ අපේක්ෂිත ආදායම් මත අත්‍යවශ්‍ය සේවා කළමනාකරණය යන තේමාවෙන් පසුගිය පෙබරවාරි 13 ඉදිරිපත් කළ කැබිනට් සටහන යටතේ මෙම මුදල් නිදහස් කිරීම් සම්බන්ධයෙන් වැඩිදුරටත් උපදෙස් පතන බව එම ප්‍රකාශකයා සඳහන් කර ඇත.

මැතිවරණයක් නොපැවැත්වෙන වාතාවරණයක මෙවැනි විශාල මුදලක් අතිකාල ලෙස ගෙවීමට සිදුවන්නේ නම් මැතිවරණයක් පැවැත්වුවහොත් ඒ සඳහා ඊට වඩා විශාල පිරිවැයක් දැරීමට මහජනයාට සිදුවනු ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා තිබේ. 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්