leader s

කිසිදු පිළිකා නාශක ඖෂධයක් ඉහළ මිලක් යටතේ ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු නිර්දේශයක් ලබා දී නැතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

එහි මිල ගණන් සම්බන්ධව සාකච්ඡා කිරීමට යොදා ගෙන ඇත්තේ ද බදාදා (15) දිනයේ දී බවත් මේ වන තෙක් එවැනි කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවත් ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කියා සිටියේය.

මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ වර්ග 43 ක් ඉතා ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ සූදානමක් පවතින බවට ඇතැම් මාධ්‍යවල පළ වූ වාර්තා මුළුමනින්ම සාවද්‍ය බවත් එය සම්පූර්ණයෙන්ම බැහැර කරන බවත් ඇමැතිවරයා කීවේය.

Apeksha 2023.04.14
මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 500ක මුදල විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාදී ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, විදේශ සේවා අමාත්‍යාංශයෙන් මිලියන 500ක් ලබා දීමට ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රකාශ කර තිබුණ ද ඉන් ලැබී ඇත්තේ මිලියන 100ක් පමණක් බව කියා සිටියේය.

 සෞඛ්‍ය සේවය පදනම් කරගනිමින් සාවද්‍ය තොරතුරු පළ කිරීම ගැන කනගාටුවන බව පැවසු අමාත්‍යවරයා, පිළිකා ඖෂධ මිල ගණන් සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගනු ලබන්නේ විගණකාධිපතිවරයාගේ නියෝජිතයෙක්, භාණ්ඩාගාරයේ නියෝජිතයෙක් සහ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සමන්විත කමිටුවකින් බව සඳහන් කළේය.

ඇතැම් ආයතනවල සමහර පිරිස් මාධ්‍ය අංශ සමඟ යම් යම් සම්බන්ධකම් මත ඔවුන්ට ඕන දේ පළකරවා ගැනීමට උත්සාහ කරන බවත් මෙම පුවත පළ කිරීමද එවැන්නක් බවත් ඔහු කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක නිලධාරීන් ද එක්ව සිටියහ.



සබැඳි පුවත් :
අපේක්ෂා රෝහලේ ඖෂධ මඟඩියකට සූදානමක් !

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්