මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත් නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක් කටා' යන අන්වර්ථ නාමයෙන් හැඳිවෙන පුද්ගලයා ඇතුළු මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාල අපරාධකරුවකු ලෙස සැකකෙරෙන පිරිස

අද (14) උදැසන මෙරට ගෙනඒමට නියමිතව තිබුනද එය එක්දිනකින් පමාවනු ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ගුවන්යානා ප්‍රමාදයක් ඊට බලපා ඇතැයි පැවසේ.

සැකකරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ද වාර්තාවේ.

මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන දීර්ඝ ලෙස විමර්ශන පැවැත්වීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කාවින්ද පියසේකර සමඟ ඊයේ (13) සවස පොලිස්පතිවරයා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම පාතාල අපරාධකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැර වෙන කිසිදු විමර්ශන කණ්ඩායමකට භාර නොදීමට ද මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය.

එහෙත් ඕනෑම විමර්ශන කණ්ඩායමකට සිය විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කල්තියා ලබා ගන්නා අවසරයක් මත මෙම අපරාධකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. එහිදී එම ප්‍රශ්න කිරීමට අවස්ථාව ලැබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය ඇතිව බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

හරක් කටා සහ කුඩු සළිඳුගේ ආරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට පොලිස් බලධාන්ගේ විශේෂ අවධානයක් ද යොමු කර තිබේ. ඊට මුල්වී ඇත්තේ හරක් කටා සහ කුඩු සළිඳු පොලිසියේ දූෂිත නිලධාරීන් කිහිප දෙනකු සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වා ඇති බවට වූ බුද්ධි අංශ තොරතුරු ඇති බැවිනි. හරක් කටා සහ කුඩු සළිඳු ගැන කෙරෙන විමර්ශනවලින් හෙළි වන තොරතුරු මත එම නිලධාරීන් සම්බන්ධයෙන් ද ඉදිරියේදී විමර්ශන පැවැත්වීම කෙරෙහි ද පොලිස් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.


පුද්ගලික ජෙට් යානයකින් පසුගිය පෙබරවාරි 12 වෙනිදා ධන කුවේරයන් ලෙස මැඩගස්කරයට ගිය හරක් කටා සහ කුඩු සළිඳු ඇතුළු පාතාල අපරාධකරුවන් 06 දෙනෙක් මැඩගස්කරය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන්නේ පසුගිය 01 වෙනිදාය. ඒ ඔවුන් මැඩගස්කරයේ සිට නැවත පිටත්ව යාමට එරට ගුවන්තොටුපොළට ගිය අවස්ථාවේදීය. මෙම පාතාල අපරාධකරුවන් හැරුණු කොට හරක් කටාගේ බිරිඳ යැයි පෙනී සිටි විදේශීය කාන්තාවක් ද ඇගේ පියා බව කියන පුද්ගලයෙක් ද සිට ඇත.

මෙම පිරිස එරට ආරක්ෂක අංශ භාරයට ගෙන ඒ බව මෙරටට දැනුම්දී තිබුණි. එහිදී ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කර සිටින හරක් කටා සහ කුඩු සළිඳුව ජාත්‍යන්තර නීතියට අනුව මෙරටට භාර දීමට මැඩගස්කරය ආරක්ෂක අංශ එකඟතාවය පළ කර තිබුණි. අනුව පසුගිය 11 වන සෙනසුරාදා මැඩගස්කරය බලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් විශේෂ කාර්ය බළකායේත් නිලධාරීන් සිවු දෙනෙක් මෙරටින් පිටත්ව ගිය අතර, ඊයේ (13) ඔවුන් හරක් කටාවත් කුඩු සළිඳුවත් සිය භාරයට ගෙන තිබුණි.

ඔවුන් දෙදෙනා රැගෙන එන මෙරට විශේෂ පොලිස් කණ්ඩායමට මැඩගස්කරයේ පොලිස් නිලධාරීන් දෙදෙනකුද එක්ව සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මැඩගස්කරයේ සිට ඔවුන්ව මැදපෙරදිග කලාපයේ ගුවන්තොටුපොළක් වෙත රැගෙනවිත් තිබුණේ අප්‍රිකානු කලාපයේ රටක ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකිනි. පැය කිහිපයක් මෙම පිරිසට මැදපෙරදිග කලාපයේ ගුවන්තොටුපොළක රැඳී සිටීමට සිදු වී තිබිණි. ඒ කාලය තුළ හරක් කටා සහ කුඩු සළිඳුව රඳවා තබාගෙන ඇත්තේ එම ගුවන්තොටුපොළ ආශ්‍රිත ආරක්ෂක කුටියක රඳවා බවද ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඒ පැමිණෙන අතරතුර හරක් කටා සහ කුඩු සළිඳු බියෙන් වෙව්ලමින් සිටි බවත් මෙසේ ශ්‍රී ලංකාවට රැගෙන යනු ඇතැයි නොසිතූ බවත් පවසා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය. එහිදී ඔවුන් සිය ජීවිතයට අනතුරක් නොකරන ලෙස එම නිලධාරීන්ගෙන් ආයාචනා පවා කර ඇති බව වැඩිදුරටත් එම තොරතුරු සඳහන් කළේය.

හරක් කටා සහ කුඩු සළිඳු සමඟ ඔවුන් සතුව තිබී මැඩගස්කරය ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගත් ජංගම දුරකතන ද ඔවුන් දෙදෙනා සමඟ මෙරටින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමට භාර දී ඇති බව ද කියැවෙයි.

එම ජංගම දුරකතන ඔස්සේ හරක් කටාගේත් කුඩු සළිඳුගේත් මත්කුඩු ජාලය ගැන පමණක් නොව මෙරට ඔවුන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ පොලිසියේ මෙන්ම තවත් බොහෝ අයගේ තොරතුරු සාක්ෂි සහිතව මතුකර ගැනීමට හැකි වනු ඇති බව ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.



 පියා මානව හිමිකම් කොමිසමට යයි


මැඩගස්කරයේ සිට මෙරටට පිටුවහල් කිරීමට නියමිත නදුන් චින්තක වික්‍රමරත්නගේ පියා විසින් මානව හිමිකම් කොමිසමට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

තමන්ගේ පුත්‍රයාද මාකදුරේ මදූෂ්, කොස්ගොඩ තාරක ආදීන් මෙන් සාධාරණ නඩු විභාගයකින් තොරව අත් අඩංගුවේ පසුවෙද්දී ඝාතනය වීමේ අවදානමක් පවතින බව දක්වමින් ඔහු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

එකී පැමිණිල්ල මගින් තම දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.


(මුලාශ්‍රය - dinamina.lk)


සබැඳි පුවත් :
'හරක් කටා'ගේ ජීවිතය අනතුරේ ! - පියා මානව හිමිකම් කොමිසමට යයි !

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්