මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.

ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයන්ට පිටපත් සහිතව, ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එබව අවධාරණය කර තිබේ.

මේ වන විට පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බරපතල ලෙස බිඳ වැටී ඇති බැවින්, මීළඟ පොලිස්පතිවරයා පත් කිරීමේ දී ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීමට හැකි ආදර්ශමත් සහ කිසිදු කැළලක් නැති  නිලධාරියෙකු පත් කළ යුතු බවත්, අපරාධ සම්බන්ධයෙන් චුදිතයන් ලෙස නම් කර ඇති අය හෝ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් චුදිතයන් වී ඇති අය හෝ පත් නොකරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම ලිපිය මගින් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා නීතිඥ සංගම වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැඳි එම ලිපියට අත්සන් තබා ඇත.


IGP 2023.03.18පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධව යොමුකර ඇති එම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය පහත දැක්වේ.


'' 2023 මාර්තු 23 වැනි දින පොලිස්පති කාර්යාලයේ පොලිස්පති ධූරය පුරප්පාඩු වීමට නියමිත බව දැනගන්නට ඇත. පොලිස්පතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන අතර 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතට අනුව ඒ දක්වා ධූර කාලයෙහි ආරක්‍ෂාව ඇත. එබැවින් පොලිස්පති කාර්යාලයට පොලිස්පතිවරයා ලෙස පත් කළ හැකි හොඳම පත්වීම සිදුකිරීම ඉතා වැදගත් වේ.

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බරපතළ ලෙස ඛාදනය වී ඇත. ස්වාධීනත්වය නොමැතිකම, දේශපාලනීකරණය, පොලිස් ම්ලේච්ඡත්වය, පොලිස් භාරයේ සිටිය දී මරණ, වෘත්තීයභාවය නොමැතිකම ආදී මේ සියල්ල පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වී තිබේ. යුක්තිය පසිඳලීමට සහ නීතියේ ආධිපත්‍යය සඳහා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහසයි.

මොහොමඩ් රෂීඩ් ෆාතිමා ෂර්මිලා එරෙහිව කේ.ඩබ්ලිව්.ජී. නිශාන්ත සහ තවත් අය නම් මූලික අයිතිවාසිකම් නඩුවේ දී SCFR 398/2008- S.C.M. 2023.02.03 ශ්‍රේෂ්ඨාධිකරණය පහත සඳහන් ආකාරයට පොලිසියට තිබිය යුතු විශ්වසනීයත්වය නැති වී ඇති බව නිරීක්ෂණය කළේය.


 “එය හුවා දක්වන්නේ රාජකාරිය මෙහෙයවන පිරිස් විසින් කරන ලද මුලුමනින්ම වෘත්තීය නොවන ප්‍රවේශය වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන්, පොලිසිය කෙරෙහි ජනතාව වැඩි වැඩියෙන් විශ්වාසය නැතිවෙමින් තිබේ. නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් ලෙස භුක්ති විඳිය යුතු විශ්වාසනීයත්වය එයට අහිමි වී තිබුණි. මෙම ඉල්ලුම්පත්‍රයට අදාළ සිද්ධිය 2008 වසරේ සිදුවී ඇති නමුත් අදටත් පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් මියයාමේ සිද්ධීන් දිගින් දිගටම සිදුවන බව මෙම අධිකරණයේ නිරීක්‍ෂණය කරයි." (විනිසුරු අලුවිහාරේ)

මීළඟ පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීමට හැකි ආදර්ශමත් සහ කිසිදු කැළලක් නැති  නිලධාරියෙකු වීම අතිශයින් වැදගත් ය.

අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් හෝ චූදිතයන් ලෙස නම් කර ඇති හෝ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් සහ වධහිංසා පැමිණවීම් වැනි මූලික අයිතිවාසිකම් අයදුම්පත්‍රවල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති හෝ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් එවැනි අයදුම්පත් විභාග වන කාලය තුළ අත්හිටුවන පුරුද්දක් ශ්‍රී ලංකා පොලිසිය සතුව ඇත. එලෙසම ශ්‍රී ලංකා පොලිසියේ කැළැල් වාර්තාවක් ඇති නිලධාරීන්ගේ උසස්වීම් නිරන්තරයෙන් අත්හිටුවනු ලැබේ. පොලිස්පතිවරයා පත්කිරීමේ දී ද විධායකය විසින් එම ප්‍රමිතීන්ම හෝ ඊටත් වඩා උසස් ප්‍රමිතීන් අනුගමනය කළ යුතු බව BASL හි අදහසයි.

ඉහත සඳහන් තත්ත්වයන් තුළ තමන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් හෝ අපරාධ නඩු විභාග වෙමින් පවතින හෝ නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති කිසිදු නිලධාරියෙකු පොලිස්පති කාර්යාලයට පොලිස්පති ලෙස පත් නොකරන ලෙස BASL ඉල්ලා සිටී.

පොලිස්පතිවරයාගේ පත්වීම අනුමත කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41B, 41C සහ 41E(6) වගන්ති යටතේ පත්වීම් සඳහා නිර්දේශ හෝ අනුමත කිරීම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි දක්වා ඇති පරිදි ව්‍යවස්ථා සභාව විසින් තීරණය කළ යුතු බව ද BASL හි අදහසයි. .

එවැනි ක්‍රියා පටිපාටි සහ ක්‍රියාවලීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41G (3) වගන්තිය දක්වා ඇති පරිදි කවුන්සිලයේ රාජකාරි සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සම්බන්ධ නීති රීති ආකාරයෙන් විය යුතු බව BASL හි අදහසයි.

පොලිස්පතිවරයා පත් කිරීම (සහ ප්‍රධාන කාර්යාල සඳහා වන අනෙකුත් සියලුම පත්වීම්) පත්කිරීම් ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු වන පරිදි විනිවිදභාවයකින් යුතුව සිදු කරන ලෙස ද BASL ඉල්ලා සිටී.


(සිංහල පරිවර්තනය ලංකා ඊ නිව්ස් වෙතිනි)

සබැඳි පුවත් :


පොලිස්පතිගේ රහස් ලිපිය 'ලීක්' කලේ කව්දැයි සෙවීමට CID විමර්ශනයක් !

පොලිස්පති අවසන් මොහොතේ දේශබන්දු චුදිතයකු කර වාර්තාවක් එලියට දමයි!

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්