පවුලෙන් පවුලට බලය මාරු වූ වරිග සභා දේශපාලනය මේ වන විට අවසන් වී ඇතැයි

උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

ඒ අනුව නාමල් රාජපක්ෂ පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් වී සාමාන්‍ය මිනිස්සු අතට රටේ ඉරණම තීරණය කිරීමේ බලය ලැබීමේ යුගය උදාවී ඇති නිසා ඔහු වෙන රස්සාවක් සොයාගත යුතු බවත් වීරවංශ මන්ත්‍රීවරයා කීවේය.

ඔහු මේ බව පැවසුවේ පොල්ගහවෙල නගර ශාලාවේදී ඊයේ (19) පැවති රැස්වීමකදීය. නිදහස් ජනතා සන්ධානයේ කුරුණෑගල  දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂක සහ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණ.

‘ස්මාර්ට් පොලිටීෂියන්ස්ලා අවශ්‍ය බව තරුණ පරම්පරාව කීවත්, හිටපු මුදල් අමාත්‍යවරයකු වන යූ. බී. වන්නිනායක වැනි ‘ස්මාර්ට් පොලිටීෂියන්ලා 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු රටට අහිමි වූ බව ද කීවේය.

JMLDFD

බල්ලන් මරා හෝ මුදල් සොයන සංස්කෘතිය ආ පසු රටේ දේශපාලන පිටියේ ඉඩ ලැබුණේ ජොනීලා වැනි ව්‍යාපාරික ජාලවලට බව කී මන්ත්‍රීවරයා, එම ක්‍රමය වෙනස් කර නැවත ආදර්ශ වපුරවන දේශපාලනය පොළොවට රැගෙන ආ යුතු බවත්,  එය කළ හැකි නායකයන් නිදහස් ජනතා සන්ධානයේ මුල් පුටුවල සිටින බවත් පැවසීය.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීමෙන් පසු ‘ණයට අරන් - සැපට කාලා - ජොලියෙ ඉඳලා - අනාගත පරපුර බිල්ලට දීමේ වැඩපිළිවෙල යළිත් ඉදිරියට ගෙනයාමට උත්සාහ ගන්නා බව ද හෙතෙම කීය.

රට ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය වන්නේ නිවැරැදි, නිර්ප්‍රභූ දේශපාලන නායකත්වයකට බව ද වීරවංශ සඳහන් කළේය.

ජේ.ආර්.ඉස්සුවේ ඡන්ද පෙට්ටි බවත් ඔහුගේ බෑණා මුළු ඡන්දෙම උස්සන බවත් රට ගිලී තිබෙන අර්බුදයේ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ බවත් විමල් වීරවංශ මෙහිදී සඳහන් කළේය.  

මෙම අවස්ථාවට නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, විධායක කමිටු සාමාජිකයන් වන උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජනජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, නිදහස ජනතා  සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පීරිස්, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී  වසන්ත යාපා බණ්ඩාර යන මහජන නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්