මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගේ සහ සලිදු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සලිදු නමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතින් විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය අද (20) නීතිපතිවරයාට කල් ලබා දුන්නේය.

 අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැදවනු ලැබිය.

 අභියාචනාධිකරණයට ඉදිරිපත් කල රිට් පෙත්සම් අද කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණි රජයේ නීතීඥ ශනිල් කුලරත්න විසින් එකී පෙත්සමට එරෙහි විරෝධතා ඉදිරිපත් කිරීමට දින ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 4 වනදාට පෙර ගොනුකරන ලෙසත්, නඩු කටයුත්ත අප්‍රේල් 04වන දින කැදවීමටත් අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.



මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කල ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මෙරට පොලිස් අත් අඩංගුවේ සිටියදී සිදුව ඇති දීර්ඝ ඝාතන මාලාවන් හේතුවෙන් තම සේවාදායකයාගේ ජීවීතාරක්ෂාව වෙනුවෙන් අධිකරණයේ මැදිහත්වීම පතා පැමිණීමට සිදුව ඇති බව පැහැදිලි කලේය.



මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

 සැකකාර නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තා වෙනුවෙන් අදාල පෙත්සම ඉදිරිපත් කර තිබුනේ ඔහුගේ පියා වු නෙල්සන් මර්වින් වික්‍රමරත්න විසිනි. ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, තනුක නන්දසිරි, ඉරේෂ් සෙනවිරත්න, සංජය ආරියදාස යන නීතිඥයින් එම පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

සැකකාර සලිදු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සලිදු නමැත්තාගේ මව විසින් ඉදිරිපත් කර තිබු පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි සමග නීතිඥ හෆිල් ෆාරිස් පෙනී සිටියේය.

මැඩගස්කරයේ සිට මෙරටට පිටුවහල් කළ නදුන් චින්තක වික්‍රමරත්නගේ පියා විසින් මානව හිමිකම් කොමිසමට ද මිට ඉහතදී පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්