දුප්පත් හා වැඩ කරන ජනතාව ආරක්ෂා කරන නිසි ආර්ථික ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරන්නේ නම්

රජයට සහාය දෙන්න සූදානම් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

'' ආණ්ඩුවට සහාය දෙන්න යැයි සමහර අය ඇවිත් අපට කියනවා. සාමන්‍ය ජනතාව, දුප්පත් ජනතාව හා වැඩ කරන ජනතාව රැක ගන්නා හරි ආර්ථික තීරණ ගන්නවා නම් රජයට සහාය දෙන්න අපි සූදානම්''  යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පැවසුයේ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ 19 ඉරිදා පැවති මාධ්‍ය හමුවේදීය.


'' සජබ සමාජ වෙලඳපොළ ආර්ථිකයක් විශ්වාස කරනවා''

 '' මේ රජයේ ආර්ථික මොඩලය රටේ සාමාන්‍ය මිනිසුන්ට වදින විශාල පහරක් බැවින් ආර්ථිකය ගලවා ගන්නැයි අපටත් ඕනෑවන්නේ. එහෙයිත් ධනපති පන්තිය  ඔවුන්ගේ රැකවරණය පතා ඇවිල්ලා රජයට සහාය දෙන්න කියා කියන්න එපා. අපට සමස්ත ජනතාවම ආරක්ෂා කරගන්න ඕනෑ. සමගි ජන බලවේගය සමාජ වෙලඳපොළ ආර්ථිකයක් විශ්වාස කරනවා, ඒ අනුව නිසි ආර්ථික ප්‍රතිපත්තියක් මේ රජය ක්‍රියාත්මක කරන්නේ නම් රජයට සහාය දෙන්න අප සූදානම් '' යැයි හෙතම වැඩි දුරටත් සඳහන් කළේය.



'' මේ රජය ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආධර දෙන කණ්ඩායම් හා සංවිධාන බොහොමයක් සමග සාකච්ඡාවල් තිබ්බා. රජය දෙනවයි කී සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙල කෝ.?  වසර දෙකක් තිස්සේ සාකච්ඡාවල් නම් තිබ්බා. කෝ වැඩ පිළිවෙල. ජනතාව හාමතේ දාලා බෙල්ලේ වැළ දාගත් පසුවද කන්න දෙන්න යන්නේ. '' මේ රජයේ අනෙක් ප්‍රතිපත්ති ද එසෙම යැයි ඉරාන් වික්‍රමරත්න පැවසිය.



''IMF සමඟ සාකච්ඡා කළ යුතුයැයි සජබ දිගටම ප්‍රකාශ කළා ''

'' IMF ගිවිසුම  අත්සන් තබා ලබන සතිය වන විට ලංකාවට එකී පළමු වාරික මුදල් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. වසර හතරක් තුළ ලැබෙන මෙහි මුළු මුදලම ඩොලර් බිලියන 2.9 කි. සොච්චමක් පමණවන මේ මුදලට වඩා වැදගත් වනුයේ ලංකාව යම් කිසි විනයක් තුළ ක්‍රියාත්මක වන බව ප්‍රාග්ධන හා මූල්‍ය වෙලඳපොළට පණිවිඩ්යක් නිකුත්කිරීමයි. වැඩ පිළිවෙලක් නැති රජය ප්‍රතික්ෂේප කළද මේ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවල් තිබිය යුතුයැයි සමගි ජන බලවේගය දිගටම ප්‍රකාශ කලේ.

එහෙත් ඕනෑම ගිවිසුමකට එළඹෙනවිට දෙපැත්තක් තිබෙනවා. ණය ලබන්නාගේ අවශ්‍යතාවය හා ණය දෙන්නාගේ කොන්දේසි ප්‍රසිද්ධ කර නැතිවීම ගැන අපි විරුද්ධවුනා. කොන්දේසි නොදැන ජයග්‍රහණයක් යැයි සිතුවද මෙහි අවාසි පැත්තක් ගැනත් කල්පනා කරන්න වෙනවා. මූල්‍ය අරමුදලේ කොන්දේසි වැඩියෙන්ම බලපාන්නේ මේ රටේ දුප්පත් හා වැඩ කරන ජනතාවටත්ය.මෙයින් මේ ජනතාවට සිදුවන අසාධරණයන් පිළිබඳ වගකීම ලංකාවේ ආණ්ඩුව භාර ගත යුතුයි. රට ණය ලබා ගැනීමේදී දුප්පත් හා වැඩ කරන ජනතාව ආරක්ෂා කරන්න ආණ්ඩුව දැන සිටිය යුතුයි.



'' මේ ණය හරහා මතුවූ අළුත්ම ප්‍රශ්ණය වූයේ විදුලිය පිළිබඳ ප්‍රශ්නණයි. දැන් ජනතාවට විදුලි බිල ගෙවා ගන්න බැරිවෙලා තියෙනවා. නිවසට මෙන්ම පන්සල්වලටත් මෙය බෙහෙවින්ම බලපාලා තියෙනවා. රු 20 දාහකට පැවති විදුලි බිල දැන් මාසෙකට 40 දා දක්වා වැඩි වෙලා යැයි අපේ පැත්තේ පන්සලේ හාමදුරුවෝ පසුගිය සතියේ මට කිව්වා.''



ආර්ථිකය සංකෝචනය වන නිසා විශාල ගැටලුවක් සමස්ථයක් වශයෙන් ඇතිවෙලා තියෙනවා. සමහර ව්‍යාපාර කඩා වැටී වසා දමීම නිසා විරැකියාව වැඩිවෙමින් යනවා. විදුලිය බිල, ආහාර මිල ඉහල යන ගමන් උද්ධමනය ඉහල යනවා පමණක් නොව ආදායම ද නැතිවෙනවා. ආර්ථිකය සංකෝචනය කිරීමේ මේ වැඩපිළිවෙලකට මේ රජය අත්සන් කර තිබීමේ ප්‍රතිප්ත්තිය හේතුවෙන් විශාල ජනකොටසකට මේ ප්‍රශ්නවලට මුහුණපෑමට සිදු වෙල තියෙනවා. ගිය වසරේත් ආර්ථිකය සංකෝචනය වුනා, මේ වසරේත් ආර්ථිකය සංක්කෝචනය කිරීමයි රජයේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇත්තේ. ජනතාව හාමතේ දමා රටක් දියුණු කිරීමද රජයේ අපේක්ෂාව යැයි හෙතම ප්‍රශ්ණ කළේය. 2022 දී 8 % ක්ව පැවති සංකෝචනය 2023 දීත් 4 %ක් පමණ සංකෝචනය වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.



''ජීවිත අහිමිවීමේ අවදානම වැඩිවෙනවා''

මෙහි තවත් අනිටු ප්‍රතිඵලයක් වනුයේ නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට ඇතිවන බලපෑම්ය. මේ වනවිට බෙහෙත්හේත් සඳහා විශාල හිඟයක් පවතිනවා. රෝහල්වලට යන රෝගීන්ට පිටතින් මිලදී ගන්නට කීවද ඒවාට විශාල මුදලක් වැය කරන්න සිදුවනවා. ශල්‍යකර්ම පොරොත්තු ලේඛන දිගුවෙමින් යනවා. අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම පමණක් පමණක් සිදුකරන ලෙස අමාත්‍යාංශයෙන් නියෝග ලබා දී තිබෙනවා. අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම හා අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම යනුවෙන් වෙන්කරන්නේ කෙසේද කියා වෛද්‍යවරු අසනවා. රජයේ මේ ක්‍රියාකාරිත්වය නිසා ජීවිත අහිමිවීමේ අවදානම වැඩිවෙනවා.



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ගිවිසුම සාර්ථක වූ පසු රටේ ප්‍රශ්න සියල්ල අවසන් වනු ඇතැයි යනුවෙන් රජය හුවා දක්වන්න හදන එක සම්පූර්ණ අසත්‍යයි. 2019 රාජපක්ෂ රජය බලයට පත්වූ පසු අද වන විට මන්ද පෝෂණය රටේ වැඩි වී තිබෙනවා. වසර එකයි - පහයි අතර දරුවන්ට පෝෂ්‍ය දායි ආහාර හිඟතාවයක් පවතින අතර ඒ සඳහා රජය සතුව විසඳුමක් ද නැත. ඒනිසා දරුවන්ගේ වර්ධනය ද කුෂභාවය ද වැඩි බව වෛද්‍යවරු පෙන්වා දෙන්වා. මෙහි සෘණාත්මක බලපෑම  තවත් වසර කිහිපයක් පමණ යනවිට රටට බෙහෙවින් දැනෙනු ඇතැයි වෛද්‍යවරු විශ්වාසය කරති. හොඳම දේ දරුවන්ට යැයි කී අය දැන් දරුවන් වෙනුවෙන් කිසිවක් ආයෝජනය නොකරන බව ජනතාව තේරුම් ගත යුතු යැයි වික්‍රමරත්න මන්ත්‍රීවරයා සිහිපත් කළේය.



ආර්ථිකයක් යනු ගණන්වලින් හෝ සංඛ්‍යාවලින් මනින්න පුළුවන් දෙයක් නොවන බව පාලකයෝ දැන ගත යුතුයි. හුදු සංඛ්‍යා ලේඛන මගින් ජනතාව රැවටීමට ලක් කළ ද මහපොලවේ යථාර්ථය එය නොවන බව මහ පොලවේ අඩිය තියලා බැලුවොත් වටහා ගත හැකිය. මේ රජය ආර් ථිකය සංකෝචනය කිරීමේ අවසානාවේ තරම සිය දිවි නසා ගැනීමේ ප්‍රමානය දවසින් දවස වැඩිවෙනවා. ආර්ථික ප්‍රශ්ණය උග්‍රවීම තුළ බලාපොරොත්තු සුන්වීම හේතුවෙන් දෙමාපියන් දරුවන් සමග දිවි නසා ගන්නවා වාර්තා වෙනවා. මේවා මෙයට පෙර මේ රටේ ඇසූ දේවල් නොවේය.

ආර්ථිකය නිසි ලෙස හසුරුවන්නට නම් රජයට නායකයන්ට සංවේදී බාවයක් තිබිය යුතුයි. මේ රජයට එවන් සංවේදී බාවයක් නැති නිසා පාලකයන් ඔවුන් බලයේ සිටීමට අවශ්‍යතාවයන් ගැන පමණක් සැලකිල්ලට ගනිමින් කටයුතු කරමින් සිටින නිසා මේ රට දවසින් දවස අගාඩයට ඇද වැටමින් තිබෙන බව පාලකයන්ට ගැටලුවක් නොවේ යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්