''මා පෙනී හිටියේ මේ රටේ ඕනෑම මනුස්සයෙකුට හිමි ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්.'' යයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරයේ කටයුතු කළ අවසාන දිනයේ (ඊයේ 24) ඔහු එබව කියා සිටියේ Voice Tube සමාජ මාධ්‍ය නාලිකාව වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

 පසුගිය දිනක යූටියුබ් නාලිකාවක් චෝදනා කල පරිදි තමන් කිසි දිනක අති විශාල ගාස්තු තම සේවාදායකයන් වෙතින් ලබා නොගන්නා බව සදහන් කල ජනාධිපති නීතීඥවරයා, ''හරක් කටා'' වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේ ඔහුව පොලිස් අත් අඩංගුවේ සිටියදී මරා දැමීම වැළැක්වීමට මිස අන් යමකට නොවන බව සදහන් කළේය.

 තමන් නාලන්ද එල්ලාවල මිනීමැරුම් නඩුවේ සැකකරුවන්ට මෙන්ම චෙම්මිනී සමූහ මිනීමැරුම් නඩුවේ හමුදා සැකකරුවන්ට ජීවිත තර්ජන හා බලපෑම් හමුවේ පෙනී සිටි අතීතය සිහිපත් කල සාලිය පීරිස්, තමන් වර්තමානයේ එල්ලවන බලපෑම්ද තමන්ගේ කටයුතු සදහා බාධාවක් කර නොගන්නා බව අවධාරණය කලේය.

විශේෂයෙන්ම අත් අඩංගුවේ සිටින සැකකරුවන් මරා දැමීමෙන් විමර්ශන අඩපනවනවා පමණක් නොව, ඒකී ජාලයන් පිටුපස සිටින බලවත් පුද්ගලයන්ද ආරක්ෂා වන බව ඔහු සදහන් කලේය.


සාලිය පීරීස්ට ජිවිත තර්ජනයක් !


ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් ගේ ජිවීතයට එල්ල වී ඇතැයි පවසන ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ඔහුට නිසි ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.

නීතීඥවරයකු වශයෙන් සිය සේවාදායකයකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීමය වශයෙන් පෙනී සිටීම හේතූවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරීස් ගේ ජිවීතයට තර්ජන එල්ල වී ඇති බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ සහ ලේකම් නීතීඥ ඉසුරු බාලපටබැඳි ගේ අත්සනින් පොලිස්පතිවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් කොට ඇත.

සිය සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් ගේ බොරැල්ලේ පිහිටි කාර්යාලය ඉදිරිපිට පිරිසක් විරෝධය දක්වා ඇති බවත් නීතීඥවරයකු වශයෙන් සිය සේවාදායකයකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීමය වශයෙන් පෙනී සිටීම හේතූවෙන් එම පිරිස සාලිය පීරීස් ගේ කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධය දක්වා ඇති බවත් පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කොට ඇත.

සිය සේවාදායකයකුගේ ඉල්ලීමක් මත ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීමය සේවාවක් ලබාදීම හේතූවෙන් මේ වන විට සාලිය පීරීස් ගේ වෘත්තීය කටයුතු වලට බාධා එල්ල වී ඇති බව අදාළ ලිපියෙන් පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමය, නීතීයේ ආධිපත්‍යයේ පැවැත්ම සඳහා නීතී වෘත්තීය අත්‍යවශ්‍ය බව අධිකරණ තීන්දුවල සඳහන් බවද අවධාරණය කොට ඇත.

සිය සේවාදායකයින් වෙනුවෙන් පෙනී සිටීමට හා ඔවුන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අධිකරණ සංවිධාන පනත අනුවද අයිතිය ලබාදී ඇති බව සිය ලිපිය මඟින් අවධාරණය කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති නීතීඥ සාලිය පීරීස් ගේ වෘත්තීය රාජකාරී වලට බාධා පැමිණවීම වැළැක්වීමට පියවර ගන්නැයිද ඉල්ලා සිටී.

එමෙන්ම ජනාධිපති නීතීඥ සාලිය පීරීස් ගේ ජිවීතයට තර්ජන එල්ල වී ඇති හෙයින් ඔහුට නිසි ආරක්‍ෂාවක් ලබා දීමට පියවර ගන්නැයි ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්