ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ඒකාධිකාරී බලය

විදේශ සමාගම් තුනකට ලබාදීමට එරෙහිව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති රැසක් මේ වන විට රාජකාරිවලින් ඉවත්ව ඇති බව වාර්තා වේ.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පොහොට්ටු පක්ෂයේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ද එක්ව සිටින බව පැවසේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව ඊයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද (28) පස්වරුවේ නවතා වැඩවර්ජනයක් ආරම්භ කළ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

මේ අතර ඔවුන් බවුසර් සඳහා ඉන්ධන පිරවීමෙන් ද ඉවත්වී සිටින බවට බවුසර් හිමියන් චෝදනා කරති.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊයේ පෙරවරුවේ මෙලෙස සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය. ඒ, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සංස්ථාවේ කොලොන්නාව නිමාව ඉදිරිපිටදීය.  

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව අද පෙරවරුවේ දෙවන දිනටත් සත්‍යග්‍රහයේ යෙදී සිටියේය.

අනතුරුව අද දහවල් කෑම පැයේදී වෘත්තීය සමිති නායකයින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සංස්ථාවේ කොලොන්නාව නිමාවේ සේවකයින් ඇමතුවේය.

පසුව වෘත්තීය සමිති නායකයින් නිමාව පරිශ්‍රයට ඇතුළු වීමේ පිවිසුම් දොරටු වසා දැමීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව යළි එහි පිවිසුම් දොරටු විවෘත කෙරුණද වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට සමගාමීව බවුසර් සඳහා ඉන්ධන පිරවීම නිමාව සේවකයින් විසින් අත්හිටුවනු ලැබීය.

ඉන්ධන පිරවීම අත්හිටුවීමත් සමඟ බවුසර් රියදුරන් සිය බවුසර් ගජබාපුර ප්‍රදේශයේ ගාල් කර තිබිණ.

මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද පස්වරුවේ පැවැත්වු සාකච්ඡාවකින් පසුව සත්‍යග්‍රහය අවසන් කිරීමට පියවර ගත්තේය.

කෙසේ වුවත් තමන් බවුසර් සඳහා ඉන්ධන පිරවීමෙන් සහ බෙදාහැරීමෙන් ඉවත් වී අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් සඳහන් කළේය.


ඉන්දන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම්..

ඛනිජ තෙල් වෘත්තීය සමිති අද දහවල් ආරම්භ කළ නිල නොවන මෙම හදිසි වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන බවුසර්වලට ඉන්ධන පැටවීම ද නතර වී ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක ඉන්දන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබෙන බව වාර්තාවේ.

ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවේ, මෙරට ඉන්ධන වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා විදේශීය සමාගම් 3කට බලපත්‍ර ලබා දීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයට එරෙහිව එම හදිසි වෘත්තීය ක්‍රීයාමාර්ගය ආරම්භ කළ බවයි.


මේ අතර ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විකුණන බවට සිදුවන ප්‍රචාර අසත්‍ය බවයි.


''රාජකාරියට බාධා කළොත් වැඩ වරදි'' - ඇමති කාංචන

ඉන්ධන බෙදාහැරීමට බාධා කරන සහ සෙසු සේවකයන්ගේ වැඩවලට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ සේවකයන්ට එරෙහිව අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගන්නා ලෙස උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

එම සේවකයන්ගේ රැකියා අවසන් කිරීම සළකා බැලීමට අවශ්‍ය විනය පියවර ගන්නා ලෙස ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ථයේ සභාපතිවරයාට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

xfgdfgtt

ඉන්ධන සැපයුමේ හිඟය පිළිබඳව කලබල නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින අතර බෙදා හැරීම දිගටම සිදුවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර සිටී.

එසේම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් විසින් සේවකයන්ට ඔවුන්ගේ රාජකාරියට පැමිණීම බලහත්කාරයෙන් වළක්වාලීම හේතුවෙන් මීට පෙර ප්‍රමාද වූ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු, පර්යන්තවල සහ ප්‍රවාහනයේ දී අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සලසා ඇතැයි ද පවසයි.

tyhfgy

 

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්