"රට හැර ගිය බොහෝ වෛද්‍යවරුන් සමාජ මාධ්‍යජාල ඔස්සේ රට පෙරලන්න උත්සාහ දරපු කයිවාරුකාරයන් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවැසීය.


මහා ලොකුට සමාජවාදය ගැන කතා කළාට, මේ අසීරු අවස්ථාවේ රට ගැන මොහොතකටවත් නොසිතා එම කයිවරුකාරයින් වෛද්‍ය සිසුන් අමාරුවේ දැම්මා යැයි ද ඔහු පැවැසීය.


ඔහු එබව කියා සිටියේ, අනුරාධපුරයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

මහාචාර්ය චන්න ජයසුමන මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවසිය.

''වෛද්‍යවරුන්ට පනවා තිබූ අධික බදු බර දරාගන්න බැරිව වෛද්‍යවරුන් රට හැර යාම බරපතළ ප්‍රශ්නයක් බව අපි දිගින් දිගටම කීවා. ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයවත් රජයවත්  අවදානයක් යොමු කළේ නැහැ .එහි පළවෙනි ප්‍රතිඵලය හැටියට අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයේ 63 වාට්ටුව වසා දැම්මා. අනුරාධපුර රෝහලේන් පටන් ගත්තට මුළු රට පුරාම මේ තත්ත්වය උද්ගත විය හැකියි.

වෛද්‍ය විද්‍යාවේ ඇතැම් උපක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවටම ඉන්නේ එක්කෙනකු හෝ දෙන්නකු පමණයි. ඔවුන් රට හැර ගියොත් ඔවුන් ගෙන් ඉටුවන සේවාවන් වන ශෛල්‍යකර්ම හෝ ප්‍රතිකාර ලබා ගැනීමට අපට ඩොලර් අවශ්‍යයි. මෙම ගැටලුව නිමක් නොමැති විෂම චක්‍රය බවට පරිවර්තනය වෙන්න පුළුවන් .

ඒ නිසා ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, ගණකාධිකාරිවරුන් යන වෘත්තිකයන්ගේන් අය කෙරෙන බදු ගැන රජය වහාම පියවර ගත යුතුයි. එසේ නොවුණොත් තවත් මාස 6 කින් සෞඛ්‍ය සේවය කඩා වැටෙන්න පුළුවන් .

අපි දන්නවා වත්මන් රජය මෙහෙ වන්නේ විජාතික මතවාදයි. එහි ප්‍රතිඵලයක් හැටියට අපිට පේනවා වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් විදෙස් ගත වෙන බව. මේ ප්‍රවණතාවයේ නවත්වා ගන්න රජය ප්‍රමාණවත් සාධනීය මැදිහත් වීමක් සිදු විය යුතුයි. ''



අ‘පුර රෝහලේ ළමා වාට්ටුව වහයි


image 3b9ab3df6a



අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවුදෙනාම රටහැර විදේශ පදිංචියට යෑම නිසා එම රෝහලේ ළමා වාට්ටුවක් පෙරේදා (30) සිට වසා දමා ඇත.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම නිසා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථා ද අහිමි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත කරුණාරත්න පැවසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු අතරින් ප්‍රධානම වාට්ටුව මෙලෙස වැසී යාම බරපතළ තත්ත්වයක් බව ද තවත් විශේෂ වෛද්‍යවරුන් පිරිසක් රටහැර යෑමේ සූදානමකින් පසුවන බව ද වෛද්‍ය රාජකරුණා කීය.

මහාචාර්ය ඒකකයට අයත් මෙම ළමා වාට්ටුවේ අවසන් වසරේ වෛද්‍ය සිසුන් 210 දෙනකු පුහුණුව ලබමින් සිටි බවත් ඔවුන්ට එම අවස්ථාව මේ වනවිට මගහැරී ගොස් ඇති බවත් රාජකරුණා පැවසීය.


 තඹුත්තේගම මූලික රෝහලේ හැරුණු කොට අනුරාධපුරය දිස්ත්‍රිකකයේ කිසිදු රෝහලක ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බව පැවසූ සහකාර ලේකම්වරයා මේ නිසා දිස්ත්‍රික්කයේ ජනතාව බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව ද සඳහන් කළේය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ සේවය කිරීමට කිසිදු ස්ථිර වෛද්‍යවරයකු  මේවන විට නොමැති බව ද හිටපු වෛද්‍යවරුන් විදේශගත වී ඇති බව ද ඔහු කීය.

වෘත්තිකයන්ට සුදුසු පරිසරයක් රට තුළ නැතිවීම, අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය, ජීවන වියදම ඉහළයාම ආදි කරුණු හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් රටහැර යන තත්ත්වයක් උද්ගතවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් කාලයේ දිගින් දිගටම අනතුරු ඇඟවීම් කළ බව ද ඔහු කීය.

ළමා වාට්ටුව වසා දැමීම පිළිබඳව කළ විමසුමක දී අනුරාධපුරය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර සඳහන් කළේ තමාට ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බවය.

මේ අතර අනුරාධපුර රෝහල් 63  වැනි වාට්ටුව හෙවත් ළමා වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කාර්ය මණ්ඩලය වෙනත් වාට්ටුවලට මාරුකර ඇත.

රෝහලේ මහාචාර්ය ඒකකයට අනුබද්ධ ළමා රෝග වාට්ටුවේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් 63 වාට්ටුව වසා දැමීමට සිදුවී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා එහි වට්ටු අංක 24 සහ 25 යන වාට්ටු දෙකේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ට අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් දන්වා ඇතැයි වාර්තා වේ.

වාට්ටු අංක 63 නැවත විවෘත කරන තෙක් ළමා රෝගීන් ඇතුළත් කිරීම වාට්ටු අංක 24 සහ 25 යන වාට්ටුවලට පෙරේදා (30) සිට තාවකාලිකව යොමු කරන බව ද එම චක්‍රලේඛයෙන් දන්වා ඇත.

එමෙන්ම වාට්ටු අංක 63 ප්‍රතිකාර ලබන ළමා රෝගීන් 24සහ 25 යන වාට්ටුවලට මාරු කර යවන අතර 63 වාට්ටුවේ ළමා රෝග සායනය සතියක් ඇර සතියක 24 සහ 25  වාට්ටුවල පවත්වන්නැයි එමගින් උපදෙස් දී ඇත.

මේ අතර 63 වාට්ටුවේ සේවයෙ නියුතු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන්, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්, සීමාවාසික වෛද්‍ය නිලධාරීන් හෙද කාර්ය මණ්ඩලය හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ද 24 සහ 25 වාට්ටුවලට අනුයුක්ත කරන බව ද එම චක්‍රලේඛයෙන් දන්වා ඇත.


(lankadeepa.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්