මේ වසරේ ගත වූ පෙබරවාරි මාසයේදී ආනයන වියදම් සහ අපනයන ආදායම සමාන වී ඇත.


ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබී ඇති අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1කි. එම මාසයේ ආනයන වියදමද ඩොලර් බිලියන 1ක් වේ.

මීට පෙර බොහෝ අවස්ථාවලදී දැකගත හැකි වූයේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් ඉහළ ගොස් තිබූ අයුරුය.

ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී අපනයන ආදායම ලෙස අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක් ලැබෙද්දී ආනයන සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් වැය කර තිබිණ. සමස්තයක් ලෙස ගත්කළ මේ වසරේ පළමු මාස දෙකේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2කි. එහෙත් ආනයන වියදම අමෙරිකානු ඩොලර් බිලියන 2.4ක් විය.

කෙසේ වෙතත් ඉකුත් වසරට සාපේක්ෂව එය සැලකිය යුතු පහළ යාමක් බව ශ්‍රී ලංකා මහ බැංකු දත්තවල දැක්වේ.

 2022 මුල් මාස දෙකේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2.2ක් වෙද්දී ආනයන වියදම අමෙරිකානු ඩොලර් බිලියන 3.8ක්ව පවතින.


වසරකට පසු සංචාරක ආදායම ඉහළ යයි


පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු සංචාරක ඉපයීම් අමෙරිකානු ඩොලර් මිලියන 170ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 0යි දශම 3ක වර්ධනයකි.  

2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබී ඇති සංචාරක ඉපයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 169කි.  

2023 පෙබරවාරි මාසයේදී මෙරටට සංචාරකයින් එක් ලක්ෂ 7,639යෙකු පැමිණ ඇත. ජනවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 2,545කි.

2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණ තිබුණේ සංචාරකයින් 96,507ක් පමණි. මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ප්‍රංශයෙනි.

2022 වසරේ ජනවාරි, පෙබරවාරි මාසවලදී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 321ක් මෙරටට ලැබී තිබිණ. මේ වසරේ එම මාස දෙකේදී මෙරටට ලැබී ඇති සංචාරක ඉපයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 332කි.

මේ අතර, මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ 2023 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 407ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබුණු බවයි.  

(nethnews.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්