leader s

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අළුතෙන් පත්වී පැමිනි නව තානාපතිවරිය මනිෂා ගුනසේකර පසුගියදා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස වැඩ භාර ගනු ලැබුවාය.


විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කල ඇය වර්ෂ 1998 සිට 2002 වසර දක්වා ප්‍රංශයේ ›ලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම් වරිය ලෙස එවකට තානාපතිනිය සුමිත්‍රා පීරිස් මහත්මිය යටතේ තම ප්‍රථම විදේශ සේවය ආරම්භ කළාය.

 ඉන්පසු ජපානය, දකුනු කොරියාව, ජිනීවා, යන රටවල ශ්‍රී ලකා තානාපති කාර්යාලයන්හී ප්‍රථම ලේකම්, වැඩ බැලූ තානාපති යන තනතුරු හොබවා ඇති මනිෂා ගුනසේකර, පසුගිය කාලයේ එංගලන්තයේ මහා කොමසාරිස්වරිය ලෙසද සේවය කොට ඇති විදේශ සේවයේ මනා අත්දැකීම් සම්භාරයක් හිමිකර ගත් අවංක දක්ෂ දූරදර්ශී රාජ්‍ය සේවිකාවක් බව රාජ්‍ය සේවය තුල ප්‍රසිද්ධ කරුනකි.

ඇය විසින් ඉහත රාජකාරී කටයුතු ආරම්භ කරමින ඊට සමාන්තරව ප්‍රංශයේ පිහිටුවා ඇති සියලූම ශ්‍රී ලාංකික සංවිධාන නිලධාරීන්, සමාජ ක්‍රියාකාරීන්, කලාකාරීන් කැඳවා පසුගිය මාර්තු මස 31 වෙනි සිකුරාදා සවස තානාපති කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පැවැත් වූවාය.

ප්‍රංශයේ ශ්‍රී ලාංකික ප්‍රජාවට තානාපති කාර්යාලයෙන් සිදුවෙන සේවාවන් විධිමත් කොට කාර්යක්ෂම විශිෂ්ඨ සේවයක් ලබාදීම, විදේශ ආයෝජන ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහයෝගය ලබා ගන්නේ කෙසේද, ජාතීන් අතර සහජීවනය හා සංහිඳියාව නව මාවතකින් ගොඩ නැගීම හා වර්ධනය කිරීම ආදී කරුනු රාශියක් ගැන එදින සාකච්ඡා කල අතර ඉදිරියේදීත් මෙවැනිම සාකච්ඡා වලින් ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කරමින් ඊට සාපේක්ෂව ඔවුන්ගේ සහයෝගය ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථීක අර්බූදය යහපත් මගට හැරවීමට අවශ්‍යය සහාය ලබා ගැනීමද අරමුන බව ඇය පැහැදිලි කළාය.

ලංකා ප්‍රංශ තානාපති සේවය හා ශ්‍රී ලංකාව යුනේස්කෝ සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය ලබා 75 වසරක් සමරන මෙම වසරේ ජාත්‍යයන්තර වෙසක් දිනයේදී ඉතාමත් උසස් වෙසක් උත්සවයක්ද පැවැත්වීමට කටයුතු කරන බවද ඇය පැවසුවාය.


(සුනිල් ආනන්ද )
පැරීසියේ සිට
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

slk embassy 03
slk embassy 04

slk embassy 02

 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්