leader s

සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ.චන්ද්‍රසිරි මහතා අද (18දා) වැඩ භාර ගත්තේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේද ඔහු මෙසේ වැඩ භා ගනු ලැබීය.
image 7c1da50fd4
ඒ අතර නාවික හමුදාවේ හිටපු අණදෙන නිලධාරී අද්මිරාල් ජයනාත් කොලොඹගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ලෙස පත් කර ඇත.

ඔහු වසර 36 ක කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ අතර 2014 ජුලි 01 දින නාවික හමුදාපතිවරයා ලෙස විශ්‍රාම ගියේය.

අද්මිරාල් මහාචාර්ය කොලොඹගේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලවල විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක්ද, මදුරාසි විශ්ව විද්‍යාලයේ ආරක්ෂක හා ක්‍රමෝපායික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද, ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයෙන් ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා ඇත.


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්