රට ආර්ථික අර්බුදයක පවතින මෙවන් අවස්ථාවක පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළඟා නොවූ ආයතන රැකගැනීමට මහා භාණ්ඩාගරයට තවදුරටත් හැකියාව නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

සේමසිංහ පවසයි.

මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම යනු මෙරට පොදු මහජනතාවගෙන් එක්රැස් කරගන්නා ලද මුදල් එකී ආයතන නඩත්තුව සඳහා වෙන් කිරීමක් වන බව සියලුම පාර්ශවයන් අවබෝධ කරගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

ඒ අනුව ජනතාව මත බර පටවා තවදුරටත් ආයතන පවත්වාගෙන යාම නොව, නියාමන අධිකාරියක් වශයෙන් රජය කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

'' උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52 අතරින් 39 ක් ලාභ ලබනවා. අනෙක් රාජ්‍ය ආයතන 13 ක්‍රියාත්මක වන්නේ පාඩු ලබමින්. එලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන 13 හි අලාභය රුපියල් බිලියන 1,029 ක් වනවා.'' එහෙත් ලාභ ලබන ආයතන 39 හි ලාභය රුපියල් බිලියන 218 ක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසිය.

''සමස්ථයක් වශයෙන් රාජ්‍ය ආයතනවල වාර්ෂික පාඩුව රුපියල් බිලියන 811 කට අධිකයි. '' ලාභ ලබන ආයතන විසින් රුපියල් මිලියන 28 ක් පමණක් මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු අයබදු වශයෙන් ගෙවා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

''එවන් පසුබිමක් තුළ ලොව පිළිගත් ආර්ථික ක්‍රමවේදයන් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසයි. එසේ සිදුනොවූයේ නම් ශ්‍රී ලංකාව කිසි දිනක එවැනි ආර්ථික පියවරයන් අනුගමනය නොකරනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රටක ආර්ථිකය ස්ථාවර කිරීම කෙරෙහි එම රට විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් හඳුනාගැනීම ස්වකීයව සිදුකළ යුතු වන්නක් වන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් පැවසිය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image