leader s

එක්සත් ජාතික පෙරමුණේ නායකයකු වන පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා බේරා ගැනීම සඳහා හැකි උපරිම නීත්‍යානුකූල පියවර ගන්නවා යැයි සජිත් ප්‍රේමදාස පවසයි.

ජනාධිපතිවරණය සඳහා සහාය දුන් පාක්ෂිකයන් සඳහා ස්තූතිය පුද කිරීම වෙනුවෙන් අද (19) අගලවත්තේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මෙසේ පැවසිය.

"ජනාධිපති මැතිවරණයට සූදානම් වන මුල් කාලයේ දී පොඩි පොඩි කතා තිබුණත්, ජනාධිපතිවරණයේ දී මා ජයග්‍රහණය කර වීම සඳහා පාඨලී චම්පික රණවක මහතා හදවතින්ම කටයුතු කළ බව මා දන්නවා. ඔහු අත්අඩංගුවට ගත් පසු පොලිසියේ මෙන්ම උසාවි සංකීර්ණයේ මම ඊයෙ හිටියා. අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගත් පාඨලී චම්පක මහතා වෙනුවෙන් නීත්‍යානුකූලව ගත හැකි උපරිම පියවර ගැනීමට අපි සියලු කටයුතු කරනවා.

''දෙගොල්ලම එකතුවෙලා MCC ගිවිසුම ඉරා දමමු'' 

මැතිවරණ සමයේ දී මගේ ප්‍රතිවාදී ප්‍රධාන කණ්ඩායම කිව්වා MCC ගිවිසුම රටට බොහොම අහිතකරයි ශ්‍රී මහා බෝධිය වඳින්නත් අපිට පිටරටවලින් ටිකට්පත් ගන්න වෙයි මේක ඉරා දමන්න වුණා කියලා.

මේ රටේ ජනතාවගෙන් ලක්ෂ 69 ක් ඒක හරි කියලා කිව්වා. නමුත් අද සමහරු කියනවා 70% ක් ගිවිසුම හොඳයි ලු. ඒ නරක ගිවිසුම් තියාගන්න හොඳ නෑ ඒවා ඉරලා දාන්න ඕනා . 

ඒ නිසා මම ඒ අයට යෝජනා කරනවා ගෝල්ෆේස් පිටියට ගෙනල්ලා ඒ ගිවිසුම අපි දෙගොල්ලොම එක්ක එකතු වෙලා ඉරලා දාමු කියලා ''සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්