මෙරට රිලවුන් චීනයට ලබා දීම සම්බන්ධව අධ්‍යයනයක් කිරීම සඳහා වනජීවී, අධිකරණ, වැවිලි සහ කෘෂිකර්ම අමාත්‍යාංශ හතරේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත් කර තිබේ.



චීන නියෝජිතයින් පිරිසක් මෙරට රිලවුන් චීන සත්ත්වෝද්‍යාන වෙත ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කල ඉල්ලීමකට අනුව මේ තීරණය ගෙන තිබේ.

අමාත්‍යවරයා පසුගිය දා පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ පළමු අදියර ලෙස රිලවුන් ලක්ෂයක් චීනයට යැවීමට අපේක්ෂාවෙන් ඉදිරි කටයුතු සිදුකරන බවය.

මෙරටින් රිළවුන් ලක්ෂයක් චීනයට රැගෙනයෑමේ සූදානම ගැන පරිසවේදී සංවිධානයක් ඊයේ (12) අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මෙසේ පැවසිය.

"යම්කිසි සත්ත්වයෙක් යවන්න පුළුවන් සංරක්ෂක කටයුත්තක් සඳහා හෝ සත්ත්වෝද්‍යානයක් වෙනුවෙන් කරන හුවමාරුවක් සඳහා පමණයි."

"ඒ නිසා මාංශ සඳහා භාවිත කිරීම හෝ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යම්කිසි සත්ත්ව කොටසක් ලංකාවෙන් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධි කටයුත්තක්."

"චීනය ලංකාවේ රිළවුන්ව ඉල්ලනවා නම් කුමක් සඳහා කොපමණ සංඛ්‍යාවක් ද ඉල්ලන්නේ කියලා පැහැදිලි විස්තරයක් අපේ බලධාරීන් සතුව තිබෙන්න ඕනේ."

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ මත පලවී ඇත.

himashi

sunil jayasekara

සබැඳි පුවත:
රිලවුන්ට චීනයට යන්න වීසා ලැබෙයි !


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්