leader s

අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී අනතුරු අවම වන ලෙස රිය ධාවනය කරන මෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.වී. එස්. වීරකෝන් අධිවේගී මාර්ග භාවිත කරන රියැදුරන් ගෙන්

ඉල්ලා සිටියි.

2022 වසරේ රිය අනතුරු 1764ක් සිදුව ඇති බවත් ඉන් මාරක අනතුරු 13ක් සිදුව ඇති බවත් සඳහන් කළ ඔහු, බරපතළ අනතුරු 25ක් සිදුව ඇති බවත් කීවේය.

''එම අනතුරුවලින් බහුතරයක් සිදුව තිබෙන්නේ අලුත් අවුරුදු සමයේ. දිනකට අධිවේගී මාර්ගවල වාහන 90,000ක් පමණ ධාවනය වන අතර අලුත් අවුරුදු සමයේ එය 140,000ක් දක්වා වර්ධනය වෙනවා.

අධිවේගී මාර්ග භාවිත කරන පුද්ගලයන් පළමුවෙන් වාහනයේ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇතිව මාර්ගයට ප්‍රවිශ්ට විය යුතුය. ප්‍රමාණවත් ඉන්ධන තිබේද? වාහනයේ කාර්මික දෝෂ තිබේදැයි සැලකිලිමත් විය යුතුයි.

දුරකතනයෙන් කතා කරමින් විනෝද වෙමින් රිය පැදවීම රිය අනතුරු සිදුවීමට හේතුවක් විය හැකියි. නිදිමත ගතියක් දැනෙනවා නම් ළඟම ඇති අන්තර් හුවමාරු වෙන් පිටතට යා යුතුය. එමෙන්ම වේගය පිළිබඳව සැලකිලිමත් විය යුතු මෙන්ම මාර්ගයේ දර්ශනය වන සලකුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

අනතුරක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීම් සිදු කරනවා. අද (14) සහ හෙට (15) විශාල වශයෙන් වාහන දක්ෂිණ අධිවේගී මාර්ගයට, ගුවන්තොටුපොළ අධිවේගී මාර්ගයට සහ මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගයට ඇතුළත් කෙරෙනවා.

අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා ''යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

(dinamina.lk)

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්