මෙරට ණය හිමියන් සහ කොටස්කරුවන් සමඟ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට

තමන් සූදානම් බව ජනාධිපති වික්‍රමසිංහ ජාත්‍යන්තරයට සහතික වේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සිය සැලැස්ම ප්‍රකාශයට පත්කිරීමට ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ඊයේ පස්වරුවේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට සූම් තාක්ෂනය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිවරයා එබව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති වික්‍රමසිංහ මෙසේ සඳහන් කළේය.

"ප්‍රංශය සහ ඉන්දියාව සමග එක්ව මේ වැදගත් හමුව සංවිධාන කිරීම පිළිබඳව ජපාන රජයට මාගේ ස්තූතිය පළ කරන්න කැමතියි. එය ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ කඩිනම් ප්‍රගතියක් ලබාගැනීම සඳහා නිල ද්විපාර්ශ්වික ණය හිමියන් දියත් කරන ඒකාබද්ධ ප්‍රයන්තයේ සමාරම්භය ද සලකුණු කරනවා. මෙම ප්‍රයත්නයන්ට සහායවීම සම්බන්ධයෙන් පුද්ගලික ණය හිමියන්ට ද ස්තූති කිරීමට මම කැමතියි. සියලුම ණයහිමියන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට විනිවිදභාවයක් සහිතව සන්සන්දනීය සැලකීමක් පදනම් කරගනිමින් අඛණ්ඩව කටයුතු කිරීම සඳහා අප රජය කැපවී සිටිනවා. අපේ ජනතාවගේ සමාජ ආර්ථික සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා හොඳ පදනමක් එමඟින් සකස්කළ හැකිවනවා."

එහිදී අදහස් දැක්වූ ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මෙසේ පැවසිය.

"ණය ප්‍රතිව්‍යූහගතකරණයේ සාකච්ඡා ආරම්භ කරන ලෙස අප උපදෙස් ලබාදී ඇති අතර, ශ්‍රී ලංකාව සිය බාහිර වගකීම් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරනවා. ජපානය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වන අතර අදාළ සියලු පාර්ශ්වයන් සමග ඒ සඳහා කඩිනමින් එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරනවා."

එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් මෙසේ සඳහන් කළේය.

"ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවයක් ඇති කිරීම සඳහා ණය සහනයක් ලබාගැනීම වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ සියලු ණය හිමියන් අතර සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීම තීරණාත්මක වනවා. ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡාවලදී විනිවිදභාවයක් සහ සමානාත්මතාවයක් පවත්වාගැනීම සඳහා එවැනි සමීප සහයෝගීතාවයක් අවශ්‍ය බව අප විශ්වාස කරනවා. ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය තුළින් ශ්‍රී ලංකාවට කඩිනම් ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා සහාය වීමට ඉන්දියාව සූදානම්."

මෙහිදී අදහස් දැක්වූ ප්‍රංශ භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජනරාල් එමානුඑල් මූලන් මෙසේ පැවසිය.

"ශ්‍රී ලංකාව තුළ සාර්ව ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ලක් රජයට ප්‍රශංසා කළ යුතුයි. දැන් ඒ පසුබිම යටතේ ණය හිමියන් සම්බන්ධීකරණයකින් යුක්තව ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා ආරම්භ කරනු ලබනවා. මෙය අනෙකුත් ණය හිමියන්ට ද විවෘත වන අතර කෙසේ නමුත් සන්සන්දනාත්මක සැලකුමක් සහතික කරලීම සඳහා ඔවුන් සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමටත්, කඩිනමින් එකඟතාවකට පැමිණීමටත් අප අපේක්ෂා කරනවා"

එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මෙසේ සඳහන් කළේය.

"මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අඛණ්ඩව පවත්වාගැනීම සඳහා ණය තිරසරභාවය පූර්ව අවශ්‍යතාවක්. මෙහිදී ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන් එක්ව සම්බන්ධීකරණයෙන් යුක්ත වේදිකාවක් ඒ සඳහා සකස් කිරීම දිරිගන්වන සුළු කරුණක්.මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කරලීම සඳහා ඊට සියලු ද්විපාර්ශ්වික ණය හිමියන් ඊට සහභාගී වනු ඇතැයි අප අපේක්ෂා කරනවා."


ශ්‍රී ලංකාව පෙන්නුම් කළ කැපවීම ප්‍රශංසාවට !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ස්ප්‍රිං සමුළුවේ තුන්වන දිනයේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආරම්භවිය.

එහි නායකත්වය ගෙන ඇත්තේ ජපානයයි. ජපානය නියෝජනය කරමින් එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුෂුකි එම සාකච්ඡා වටය සඳහා සහභාගී වී සිටියි.

ඉන්දියාව නියෝජනය කරමින් එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ පැරිස් සමාජය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සාකච්ඡා සඳහා සහභාගී වී සිටිති.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වී සිටින්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහයි. එහි වත්මන් තත්වය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙසේ සඳහන් කළේය.

 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්