leader s

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඊයේ (20) දිනයේ දී සිය ධූරයෙන් සමුගත් අතර

ඊට පෙරදින ඔහු මහ බැංකුවේ සියලූම කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ආමන්ත්‍රණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන අශෝක හඳගම සිය FB පිටුවෙහි සටහනක් තබමින් පවසන්නේ වසර 30 ක සිය වෘත්තීය ජීවිතය තුළ, පළමු වරට මහ බැංකු අධිපතිවරයෙකු සිය සේවයෙන් ඉවත්ව යන විට සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් අමතනු ලැබූ බවයි.

සිය සටහනෙහි හඳගම වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

“ඔහු මිනිසුන් සමඟ සම්බන්ධ වීමෙන් සෑම කෙනෙකුටම වැදගත් පාඩමක් ඉගැන්වීය. ‘ඔබ නිලධාරියෙකු වීමට පෙර මිනිසෙකු වන්න’. ඔහු හෙට බැංකුවෙන් පිටව යන්නේ සෑම දෙනාගේම ආදරය වැලඳ ගනිමිනි.“

Ashoka Handagama

(මුලාශ්‍රය - biz.adaderana)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්