ජාත්‍යන්තරයේ පවා දැඩි අවධානයක් යොමු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී අදට වසර හතරක් සම්පූර්ණ වේ.


පාස්කු ඉරිදා දේව මෙහෙයට කඳුළු කතා රැසක් ඉතිරි කරමින් 2019 අප්‍රේල් 21 වනදා උදෑසන මෙරට කතෝලික දේවස්ථාන 3 කට සහ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් 3 ක් ඉලක්ක කර ගනිමින් මෙම මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල විය.

එදින උදෑසන 8 යි 30 ට පළමු බෝම්බය පුපුරා ගියේ සමස්ථ රටම නිහඬ කරමිනි.

විදේශිකයින් 46 දෙනෙකුට ද ඇතුළුව පුපුරා ගිය බෝම්බවලින් අහිමි වූ ජීවිත ගණන 269 කි.

අදටත් වේදනාව තුරුළු කර ගනිමින් සිටින 500 කට අධික පිරිසක් එදා තුවාල ලැබුහ.

 පාස්කු ප්‍රහාරයෙන් පවුල් 400 කට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල වූ අතර සදාකාලිකව ආබාධිතව රෝද පුටුවල දිවි ගෙවන පුද්ගලයින් සංඛ්‍යාව 17 කට අධිකය.

පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉල්ලා ආරම්භ කළ සටන අදටත් අවසන් වී නොමැත.

වසර 4ක් ගිය තැන පාස්කු ප්‍රහාරයට ලද සාධාරණය ගැන සෑහීමකට පත් වනවාද? මේ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්.



කතෝලික සභාවේ ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් 'නෙත් නිවුස්' වෙත පැවසුවේ පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් වෙනුවෙන් අද දිනයේ උදෑසන දිව්‍ය පූජා පවත්වන බවයි.  


අද දිනයේ සිදුකරන සැමරුම් සම්බන්ධයෙන් ද එහිදී පැහැදිලි කෙරින.

 

පාස්කු දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට වසර 4 ක් සපිරීම නිමිත්තෙන් ඊයේ රාත්‍රී කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ විශේෂ පූජාවක් පැවැත්විය.

රාත්‍රී 07 ට පමණ ආරම්භ වූ විශේෂ දේව පූජාව සඳහා පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූ පිරිස ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.

පූජාව අවසන් වීමෙන් පසු ඊට සහභාගි වූ පිරිස පෙළගැසී කොළඹ කොච්චිකඩේ දේවස්ථානය කරා පාගමනින් පැමිණීම ආරම්භ විය.

මෙම පා ගමන වෙනුවෙන් ස්ථාන කීපයක දී දන්සැල් පවා සංවිධානය කර තිබිණ.

මෙම පිරිස අද පෙරවරු 08 පමණ වන විට කොච්චිකඩේ දේවස්ථානය වෙත ළඟාවීමට නියමිතයි.


(nethnews.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්