ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ වෙනම මැයි දින රැලියක් පවත්වා ආණ්ඩුවට සම්බන්ධ වී උත්සහයක යෙදී සිටීම හේතුවෙන් ඔහු පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉවත් කළ බවට එහි මධ්‍යම කාරක සභා සාමාජිකයෙක් පැවසීය.



ලංකා සමසමාජ පක්ෂය ද ඇතුළත් වාමාංශික දේශපාලන පක්ෂ එක්ව සමාජවාදී ජනතා පෙරමුණ වශයෙන් වාර්ෂිකව සංවිධානය කරන මැයි දින රැලියෙන් මෙසේ සමසමාජ පක්ෂය ඉවත්කර වෙන ම මැයි දින රැලියක් පැවැත්වීමට තිස්ස විතාරණට අවශ්‍ය වී තිබුණු බව ද එම මධ්‍යම කාරක සභිකයා කීවේ ය.

ඒ අනුව, පක්ෂයේ මධ්‍ය කාරක සභාව පසුගිය දා (අප්‍රේල් 22) රැස්වී තිස්ස විතාරණ පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයෙන් නිදහස් කර එම තනතුරට වේලප්පුලිගේ අබේසේන පත්කළ බව ද හෙතෙම සඳහන් කළේ ය.

මහාචාර්ය තිස්ස විතාරණ ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉවත්කිරීම සහ වේලප්පුලිගේ අබේසේන එම තනතුරට පත්කිරීම මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගනු ලැබූ තීරණයක් අනුව සිදුවූ බව ද මධ්‍යම කාරක සභිකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.


''සමසමාජ ලේකම් තවමත් මමයි'' - තිස්ස විතාරණ


කෙසේවුවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ පවසන්නේ, ලංකා සමසමාජ පක්ෂයේ නීත්‍යනුකූල ප්‍රධාන ලේකම්වරයා තවමත් තමා බවයි.

තමා තනතුරෙන් ඉවත් කළ බවට යම් කණ්ඩායමක් ගෙනයන ප්‍රචාර මුළුමනින් ම අසත්‍ය යැයි ද මහාචාර්යවරයා කීය.

තමාට දැනුම්දීමකින් තොරව 16 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් මධ්‍යම කාරක සභාව බව කියමින් රැස් වී තමා ධූරයෙන් ඉවත් කළ බවට දැනගන්නට ලැබුණේ යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

එහෙත් මධ්‍යම කාරක සභාව රැස්කළ හැක්කේ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාට පමණක් යැයි කී හෙතෙම මෙම රැස්වීම නීති විරෝධී එකක් යැයි ද අවධාරණය කළේ ය.

ඒ අනුව මෙම ක්‍රියාවලියට එරෙහිව පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස තමා නීතිමය පියවර ගන්නේ යැයි ද මහාචාර්ය තිස්ස විතාරණ වැඩිදුරටත් සඳහන් කළේ ය.

(mawbima.lk)


 


JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates