leader s

ලංකා සමසමාජ පක්ෂයේ පාර්ශ්ව දෙකක් ඉබ්බන්වල හන්දියේ එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට ඊයේ (01) පැවැත්වීමට නියමිත මැයි රැලිය තහනම් කරමින් මාළිගාකන්ද අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබිණ.


මරදාන පොලිසිය විසින් සිදු කළ කරුණු දැක්වීමකින් අනතුරුව අධිකරණය මෙම නියෝගය සිදු කර තිබේ.

ලංකා සමසමාජ පක්ෂයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ මහාචාර්ය තිස්ස විතාරණ නායකයා ලෙස නම් කරමින් එක් පාර්ශ්වයක්ද ඊට විරෝධය පළ කරමින් තවත් පාර්ශ්වයක්ද මරදාන පොලිසියට සිදු කළ පැමිණිල්ලක් විභාග කිරිමෙන් අනතුරුව මරදාන පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

පාර්ශ්වයන් දෙකම එකම ස්ථානයේ මැයි රැලි පැවැත්වීමට තීරණය කිරීමත් සමඟ එම ස්ථානයේ කළහකාරි සිදු වීම් මෙන්ම මරණයක් වුවද වාර්තා විය හැකි බවට පොලිසිය නිගමය කරමින් අධිකරණයට කරුණු වාර්තා කරමින් එම මැයි රැලි දෙකම තහනම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

සබැඳි පුවත:
සමසමාජයේ තිස්ස ලේකම්කමෙන් දොට්ට !
 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්