විශ්ව විද්‍යාලවල විද්‍යාර්ථින් විසින් කරන පර්යේෂණ මෙතෙක් විශ්ව විද්‍යාල වලින් එළියට ගිය අවස්ථා ගොඩක් අඩුයි.

මේක රටේ දියණුවට බලපාන ලද විශාල ප්‍රශ්නයක්.

විශේෂයෙන් දියණු රටවල උසස් පර්යේෂණ සහ වෙළඳපල අතර ලොකු සම්බන්දයක් තියෙනවා. උපයෝගිතාමය අර්ථයෙන් ගත්තොත් රටේ අවශ්‍යතා, මිනිසුන්ගේ අවශ්‍යතා සහ විශ්ව විද්‍යාල පර්යේෂණ එකට අත්වැල් බැඳගන්න ඕනි.

මේ නොපිරවුණ හිඩැස සඳහා ලෝක බැංකු උසස් අධ්‍යාපන ආධාර යටතේ මීට වසර හතරකට පමණ පෙර AHEAD ( Accelerating Higher Education Expansion and Development) ව්‍යාපෘතිය විසින් මේ සඳහා වැඩපිළිවෙලක් හඳුන්වා දුන්නා. ඒ යටතේ ලංකාවේ සියලු රාජ්‍ය විශ්ව විද්‍යාල වගේම රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල සඳහා පර්යේෂණ වාණිජකරණ (Research Commercialization) වැඩපිළිවෙලක් හඳුන්වා දුන්න. ඒ යටතේ අදවන විට මේ ලෝක බැංකු අරමුදල යටතේ විශ්ව විද්‍යාල විසින් තමන්ගේ නිපැයුම් සිය ගණනක් වෙළඳපළට හඳුන්වා දී තිබෙනවා.

ඊයේ දිනයේ සිදු කරනු ලැබුවේ එවන් විශේෂ නිපැයුම් සමාජගත කරන එක.

 

මේ සඳහා උපකාර කිරීමට විශ්ව විද්‍යාල සහ වෙළඳපල ඒකාබද්ධ කිරීම වෙනුවෙන් විශ්ව විද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ පියස (University Business Linkage Cell) යනුවෙන් හැම විශ්ව විද්‍යාලයකම මධ්‍යස්ථාන පිහිටුවා මේ සඳහා උපකාර කිරීමට විශ්ව විද්‍යාල සහ වෙළඳපල ඒකාබද්ධ කිරීම වෙනුවෙන් ව්‍යාපාර සම්බන්ධීකරණ පියස යනුවෙන් හැම විශ්ව විද්‍යාලයකම මධ්‍යස්ථාන පිහිටුවල තියනවා. ඒවායේ කාර්යය තමයි ව්‍යාපාර ලෝකයේ අවශ්‍යතා විශ්ව විද්‍යාල පර්යේෂකයින් වෙත දන්වන එක සහ විශ්ව විද්‍යාල පර්යේෂණ ව්‍යපාර ලෝකයට ගෙනියන එක.

 

# මේ වැඩපිළිවෙල යටතේ පසුගිය අවුරුදු හතරක් පමණ කාලයක් ඇතුලේ ගෝලීය පේටන්ට් බලපත්‍ර 15ක් පමණ ලබාගෙන තියනවා.  

# මේ කාලය ඇතුළත කෘෂි අංශයේ නිපැයුම් 12ක්, වෛද්‍ය සහ රූපලාවන්ය අංශයේ නිපැයුම් 11ක්, තොරතුරු තාක්ෂණ පර්යේෂණ වාණිජකරණ අවස්තා 9ක්, සහ ඉලෙක්ට්‍රොනික සහ කාර්මික අංශයේ අවස්තා 18ක් පමණ වාණිජ වෙළඳපලට ඇතුලත් උණා.

අප සංවර්ධිත ජාතියක් බවට පත්වීමට නම් මෙවන් නිපයුම් වඩ වඩාත් වෙළඳපලට ඇතුලත් වෙන්න ඕනි. ඒ වගේම මේ වැඩපිළිවෙල ඉදිරියට යන්න නම් මේ විශ්ව විද්‍යාල ව්‍යපාර පියසවල් ස්ථිරව පිහිටුවන්නත් ඕනි.

ඊයේ සිදුවූ මේ පර්යේෂණ වානිජකරණ සමාජගත කිරීමේ සහ ඒ පර්යේෂණ අගයකිරීමේ වැඩසටහනට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, එම කොමිසමේ උප සභාපති මහාචාර්ය චන්දන පී උඩවත්ත, ලෝක බැංකුවේ ලංකා නියෝජිත චියෝ කන්දා මහත්මිය, සියලු විශ්ව විද්‍යාල උප කුලපතිවරු සහ ව්‍යපාරික ප්‍රජාව සහභාගී විය.



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්